ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මැලේරියා රෝගය තුරන් කළ රටක් බව ප්‍රකාශයට පත් කොට සතියක් ගතවීමට මත්තෙන් තංගල්ල බෙලිඅත්ත ප්‍රදේශයෙන් මැලේරියා රෝගීන් දෙදෙනකු හමු වී ඇත.
ඉන්දියාවේ වන්දනාවේ ගොස් ආපසු මෙරටට පැමිණි දෙදෙනකුට මෙසේ මැලේරියා රෝගය වැලඳී තිබේ. එම රෝගීන්ගේ රුධිර සාම්පල් පරීක්ෂා කිරීමේදී මේ රෝගීන් දෙදෙනාට මැලේරියා උණ රෝගය වැලඳී ඇති බව තහවුරු වී තිබේ.
මේ දෙදෙනා සමඟ 60 දෙනකුගෙන් යුත් පිරිසක් දඹදිව වන්දනාවේ ගොස් ඇත. රෝගය වැලඳී ඇත්තේ ගැහැනු අයකුට හා පිරිමි අයකුට බව පැවැසේ.