Colombo Today Local News

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමේ කමිටුව පිළිගන්නේ නැහැ

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුව පිළිනොගන්නා බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් තුමන් පවසති.

එමෙන්ම මේ වනවිට ජනාධිපතිවරයාට ලබාදී ඇති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් තමන්ට ලබාදෙන තුරු පක්ෂ විපක්ෂ දේශපාලකයන් හමුවීම ප්‍රතික්ෂේප කරන බවද එතුමන් පවසා සිටිති.

එතුමන් මේ බව දැනුම් දී ඇත්තේ රජයේ සහ විපක්ෂයේ ක​තෝලික මන්ත්‍රීවරු මාර්තු මස දෙවැනිදා අගරදගුරු අති මැල්කම් කාදිනල් රංජිත් තුමන් මුණ ගැසීමට සිටින බවට දැනුම්දීමත් සමගය.

ඒ අනුව අගරදගුරු ලේකම් කාර්යාලය දැනුම් දෙන්නේ මෙම මාර්තු මස 2 වැනිදා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් තුමන් සහ කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර පැවැත්වීමට නියමිතව තිබූ හමුව කල් දමන බවයි.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා කටුවාපිටියේදී ජනතාව කළ නිහඬ විරෝධතාව පැවැති ස්ථානයට ගිය අගරදගරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීමට සා. පෙළවත් සමත් නැති කණ්ඩායමකට අධ්‍යයනය කිරීමට ලබාදී ඇති බවයි. එවැනි මිනිසුන්ට කොමිසමේ උගත් කොමසාරිස්වරු දුන් විනිශ්චය තීරණය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවත් පැවැසීය.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි 5 කට නිදහස

colombotoday

IMF කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් ලංකාවේ සංචාරයක

Admin

බාල වයස්කාර දියණීය දුෂණය කළ යුද හමුදා විශ්‍රාමික නිලධාරීයාට වසර 15ක සිර දඬුවම්

Admin

අන්තරේ විරෝධය විසුරුවා හැරිම ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

Admin

4 වැනිදා දියවන්නාවේ ආරක්ෂාව තරකෙරේ.. STF,කැරළි මර්ධනය කැදවයි.. මැති-ඇමතිලාත් සෝදිසි කරයි

colombotoday

පරාජය දරාගත නොහැකිවූ මංගල සමරවීර තිසරණයෙන් සංඝරත්නය ඉවත් කරයි

colombotoday