Colombo Today Local News

සලිඳුට උණ්ඩියල් ක්‍රමයට රු. කෝටි 2 ක් යවන්න හැදූ සැකකරු මාට්ටු

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැක කරන සලිඳු මල්ෂිත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට උණ්ඩියල් ක්‍රමයට රුපියල් කෝටි 2 කට අධික මුදලක් මෙරටින් යැවිමට තැත් කළ සැකකරුවකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ, සැකකරු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 28 වනදා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

මෙලෙස අත්තඩංගුවට ගත් සැකකරු වත්තල හැදල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පානදුර කුඩා අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිට දැනට ඩුබායි රාජයේ සැඟව සිටින බවට සැකකරන සලිඳු මල්ෂිත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සතු නීතිවිරෝධි වත්කම් පිළිබඳ මුදල් විශුද්ධිරකරණ පනත යටතේ විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

Related posts

නල්ලූර් වෙඩිල්ලෙන් මතු වූ “සැබෑ සංහිදියාවේ“, සහෝදරත්වයේ හැගුම්බර කතාව (Video)

colombotoday

සේපාල් අමරසිංහ යලිත් රිමාන්ඩ්

Admin

විදුලිබලේ නිලධාරී මාෆියාවෙන් රටම අදුරේ… කෝටි අටදහසක පාඩුවක්…

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන යළිත් දින 2ක් විවෘත කෙරේ

colombotoday

පාස්කු ප්‍රහාරයට පෙර භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධියේ ඉගියක් දුන්නා. | ඒ දිවැසිවර වාක්‍ය අද ඉටුවෙලා. | දැන්වත් එකතුවෙලා වැඩ කරමු – ශ්‍රී ලංකා කතෝලික සභාව කියයි.

colombotoday

ශ්‍රීලනිප යේ කළුතර නායකයා එජාපයට එක්වෙයි

Admin