World

උතුරු කොරියානු වැසියන්ට සිනහ වීම තහනම් කරයි

තම රට වැසියන්ට උතුරු කොරියානු පාලක කිම් ජෝන් අන් විසින් දින 11ක කාලයක් සිනහ වීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ පියා වන කිම් ඉල් සුන්ගේ ගුණානුස්මරණය සමරමින් මෙලෙස දින 11ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම ශෝක කාලය දෙසැම්බර් මස 17 වනදා සිට ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම කාලසීමාව තුළදී එරට වැසියන්ට මත්පැන් පානය කිරීම, සාප්පු සවාරිවල නිරත වීම තහනම් කර ඇති අතර එම ශෝක කාලය තුළදී විනෝදාස්වාදය සපයන කටයුතුවල නිරත වීම හෝ කුමන හෝ සැමරීමක් කිරීම ද තහනම් කර ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ

Related posts

ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය එළියට

colombotoday

ඉරාකයේ විරෝධතාකරුවන් ජනපති මන්දිරයට කඩා වැද පිහිනුම් තටාකයේ දිය කෙළි…

colombotoday

ඉන්ධන සහනාධාරය ඉවත්කල කසක්ස්තානයේ ගැටුම් – 164ක් මරුට

colombotoday

ජර්මනියටත් ට්‍රක්රථ ප්‍රහාරයක්.. ත්‍රස්තයෝ නත්තල් වෙළදපොළ ලේ විලක් කරයි (Video)

colombotoday

කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයි – කාර්යාල සියල්ල පැය 48 ක් තුළ වසාදමන්න නියෝග

colombotoday

කාබුල් ගුවන් තොටුපලට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයක්. – 60ක් මරුට. ඇමරිකානු හමුදා භටයින් 13ක් ඒ අතර

colombotoday