Colombo Today Local News

වාහනවල දෝෂ සොයා විශේෂ මෙහෙයුමක්

රථවාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් අද(22) සිට දින තුනක කාලයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයින් 8 දෙනෙක් පමණ මියගොස් ඇති අතර නිරන්තරයෙන් දිනකට මියයන පුද්ගලයින් සංඛ්‍යාව 9ත් – 10ත් අතර වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මීට අමතරව දිනකට රිය අනතුරුවලින් පුද්ගලයින් 30ත් 40ත් අතර ප්‍රමාණයක් තුවාල ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

රිය අනතුරුවලට මුලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන ඇතැයි පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අනුව ගෙවී ගිය ටයර සහිත වාහන සොයා අද සිට දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් විශේෂ නියෝගයක් ලබා දී ඇතැයි ද සඳහන් කළේය.

ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද , එවැනි වාහනයකින් යම් අයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

බන්ධනාගාර රැඳවියන් 417 කට විශේෂ රාජ්‍ය සමාවක්

colombotoday

උතුරු – නැගෙනහිර ඉඩම් 2019ට පෙර නිදහස් කරන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday

වරායේ අක්‍රමිකතා පාලනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක්

colombotoday

අලුත් අවුරුදු සමයේ උත්සව සැනකෙලි තහනම්

colombotoday

සජිත් පරාජය පිළිගනියි – ගෝඨාභයට සුබ පතයි

colombotoday

ගිං ගඟ පිටාර ගලයි – අවට ජනතාවට දැඩි සැලකිල්ලකින් පසුවන්නැයි නිවේදනයක්

Admin