Colombo Today Local News

අන්තවාදී ඉගැන්වීම් සහිත පොත් ශිෂ්‍යයින්ටත් මහජනතාව අතරටත් යන එක නවත්වන්න කටයුතු කරනවා. – ආරක්ෂක ලේකම්

අන්තවාදී සහ වැරදි ඉගැන්වීම් සහිත පාසල් පෙළපොත් සහ ගුරු අත්පොත් ඉවත් කිරීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

අත්තනගල්ල ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – ඉදිරියේදී අන්තවාදී ක්‍රියාවන් සිදු නොවෙයි කියලා ස්ථිරවම කියන්න පුළුවන්ද ?

ආරක්ෂක ලේකම් – “අන්තවාදීන් මොනවාහරි කරන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් අපේ බුද්ධි අංශ හොඳින් තියෙන තාක් කල්, ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාව පොලීසිය මේ සම්බන්ධයෙන් ඉතාමත් විමසිල්ලෙන් සිටින නිසා එවැනි දෙයක් කරන්න බොහොම අමාරුයි. ඒ වගේ දෙයක් නැති වෙන විදියට අපි වැඩ කටයුතු රාශියක් කරලා තිබෙනවා. ඒ කියන්නෙ දැන් ඔය දැඩි මතදාරී තත්ත්වයට තරුණ කොටස් පත්කරන පොත්පත් එහෙම ලංකාවට ගෙනල්ලා තියෙනවා. අපි ඒවා හඳුනාගෙන තියෙනවා. ඒවා විශාල සංඛ්‍යාවක් අපි රේගුවේදීම අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම පාසල් පොත්පත්වල නරක ඉගැන්වීම් තියෙන පොත්පත් අපිට හම්බවෙලා තියෙනවා. ඒ කියන්නේ අන්‍යාගමිකයින් විනාශ කරන්න, පිළිම වන්දනා කරන අය විනාශ කරන්න මරා දාන්න ඒ වගේ දේවල් පාසල් පොත්වල ඒ වගේම ගුරු අත්පොත්වල තියෙනවා. අපි ගිය සුමානෙත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් සමග සාකච්ඡා කරලා වැරදි විදිහට වැරදි ඉගැන්වීම් තියෙන පොත්පත් ගැන සම්පූර්ණ විග්‍රහයක් කරලා ඒ අයත් සමග සහයෝගයෙන් ඒවා නැති කරන්න කටයුතු කරනවා. එවැනි පොත් ශිෂ්‍යයින්ටත් මහජනතාව අතරටත් යන එක නවත්වන්න වැඩ කටයුතු කරනවා.“

Related posts

මඤ්ඤොක්කා පිටි කරන්න ස්වීඩනයෙන්, ඉන්දියාවෙන් එයි…

colombotoday

ගෝඨාභය එක්ක ආණ්ඩු හදනවා කියද්දී මට බෙල්ලේ වැල දාගන්න හිතෙනවා – ෆොන්සේකා

colombotoday

රජයේ වියදමින් හදන්න ගිය කොටි සොහොන උද්භීද උද්‍යානයක් ලෙස නම් කරයි

colombotoday

දිමුත් කරුණාරත්නට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් පරික්ෂණ අරඹයි

colombotoday

කොස්ගොඩ තාරක ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් සිවුදෙනකුට ඩෙංගු

colombotoday

දඹුල්ල ආර්ථිකයට එළවලු කිලෝ ලක්ෂ 20ක්. | ලක්ෂ 100 ක් ලැබුණු බවට සඳහන් වාර්තා අසත්‍යයි.

colombotoday