Colombo Today Local News

බැටිකලෝ කැම්පස් එකට රජයෙන් විකල්ප දෙකක් | උපාධි පිරිනැමීමට අනුමැතිය දී නැහැ

බැටික්ලෝ කැම්පස් ආයතනය ඉදිරියට පවත්වා ගෙන යාම සම්බන්ධව විකල්ප දෙකක් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරීස් මහතා අද (22)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

පළමු විකල්පය වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස එය පවත්වා ගෙන යෑම බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය සිසුන් 100 ක් බඳවා ගෙන තිබීම සුබවාදී බව පැවසූ අමාත්‍යවරයා එම විශ්වවිද්‍යාලය සඳහා පහසුකම් ලබාදීම ඉතා වැඳගත් බවද සඳහන් කළේය.

බැටික්ලෝ කැම්පස් ආයතනය රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වා ගෙන යෑම අනෙක් විකල්පය බව අමාත්‍යවරයා පැවසීය.

බැටිකලෝ කැම්පස් ආයතනය සතුව ඉතා වටිනා සම්පත් පවතින අතර ඒවා පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළවත් දක්නට නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගැනීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරීස් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

බැටිකලෝ කැම්පස් ආයතනයට උපාධි පිරිනැමීම සඳහා අනුමැතිය ලබා දී නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

22 සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙන්න

colombotoday

නතාශා – බෲනෝ 21තෙක් යළි රිමාන්ඩ්

Admin

සත පහක්වත් ආයෝජනය නොකර බිලියනයක වාර්ෂික ශුද්ධ ආදායමක්.. කරුංකා ජාවාරමෙන් බදියුදීන් ගරන හැටි මෙන්න

colombotoday

හමුදාව, පොලීසිය ගණන් නොගන්නා තැනට පත්වෙලා.. උතුරේ කොටි නැගිටිනවා වගේ

colombotoday

දුම්රිය වර්ජනය ගැන ඇමති බන්දුලගෙන් පොලිස්පතිට සහ CIDයට පැමිණිලි

Admin

සෞඛ්‍ය සේවකයෝ අදත් විරෝධයක

Admin