Colombo Today Local News

බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

භූ දේශපාලනික අස්ථාවර භාවය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළයමින් පවතින බව වාර්තා වෙයි.

පසුගිය ජනවාරි මාසයේදී වාර්තා වූ මිල, වසර 30කදී ලෝක බොර තෙල් වෙළෙඳපොළෙහි වාර්තා වූ වැඩිම මිල ලෙස සඳහන් විය.

ඊට තවත් එක හේතුවක් වී ඇත්තේ බොර තෙල් සඳහා ඇති ඉල්ලුම ඉහළයාමය.

ඊයේ බොර තෙල් බැරලයක මිල සඳහන් වූයේ ඩොලර් 91ක් වශයෙනි.

ඒ අනුව ජනවාරි මාසයේදී බොර තෙල් මිල 17%කින් වැඩිවී තිබුණි.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ නුදුරේදීම බොර තෙල් බැරලයක මිල ඩොලර් 100ක් දක්වා වැඩිවිය හැකි බවය.

යුක්‍රේන යුද වාතාවරණය, මැද පෙරදිග මතුවෙමින් ඇති අස්ථාවර භාවය සහ දේශගුණික කරුණු හේතුවෙන් බොර තෙල් සඳහා ඇති ඉල්ලුම වැඩිවී ඇති බව සඳහන් විය.

Related posts

තොටළග කුඩු සඳා අත්අඩංගුවට

colombotoday

එක්සත් රාජධානියේ තරුණ සම්මානය ලංකාවේ යෙනුලි දිනා ගනී

Admin

දිවියා ඝාතනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

අමාරුම වෙලාවේ උදව් කරේ ගඩාෆි, එක ඇමතුමෙන් ඩොලර් මිලියන 500ක් දුන්නා – හිටපු ජනපති හෙළි කරයි.

colombotoday

VIdeo: අද ජවිපෙ වික්‍රමසිංහගේ බලල් අතක් වෙලා – මෛත්‍රි ගුණරත්න

colombotoday

“තවත් ඉවසනු බෑ.. අපේ රතු කට්ට පනින්න කිට්ටුයි“ – හෙළඋරුමය

colombotoday