Colombo Today Local News

උත්සව සමයේ රථවාහන මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000ක්|බීමත්ව රිය පැදෙව්වොත් ලැබෙන දඬුවම

උත්සව සමය තුළ රථවාහන රාජකාරී මෙහෙයුම් කටයුතු ඉහළ නංවනු ලැබුවේ, පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා නොව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, පෙරේදා දිනයේ සිට ආරම්භ කරනු ලැබූ රථවාහන මෙහෙයුම් කටයුතු ලබන වසරේ ජනවාරි මස 05 වනදා දක්වා ක්‍රියාත්මක වන බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“රථවාහන මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000ක් පමණ සහභාගී වෙනවා. අද දිනයේත් අපි මේක ක්‍රියාත්මක කරනවා. අඛණ්ඩව ඉදිරි සති දෙක තුළත්. අපේ බලාපොරොත්තුව ජනතාව දඩ මුදල්වලට යොමු කිරීම, අත්අඩංගුවට ගැනීම නෙමෙයි. එය සිදුකරන්නේ ජනතාවගේ මාර්ග ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා. මාරක රියඅනතුරු අඩුකිරීමට, බීමතින් රිය ධාවනය කරන පුද්ගලයින් අත්අංඩගුවට ගැනීමට හා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට වගේම වේගයෙන් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට. ඒ නිසා නොසැලකිලිමත්ව රිය පදවන්න එපා. බීමත්ම රිය පදවන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිව අත්හිටුවීමට හෝ සම්පූර්ණයෙන් අවලංගු කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

Related posts

සංවර්ධන ලොතරැයි මණ්ලඩයේ හිටපු සභාපති හොරා කාපුව එළියට

Admin

පුතා කැපු කොස් ගසට යටවී පියා මිය යයි

Admin

යහපාලනයෙන් වාරණයට ලක්වූ පළමු මාධ්‍යවේදියා මමයි – “මුල් පිටුවෙන්“ කැපුණු හැටි බන්ධුල කියයි

colombotoday

ජනාධිපතිවරණයට ජවිපෙන් පොදු අපෙක්ෂකයෙක්…

colombotoday

සංහිදියාව ඇති කරන්න නම් උතුරේ සංවර්ධනය වේගවත් කළ යුතුයි – අර්ජුන

colombotoday

සති අන්තයේ මාර්ග කිහිපයක් වැසෙයි… විකල්ප මාර්ග ගැන පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday