Colombo Today Local News

රන්ජන්ගේ මෝසම ප්‍රතික්‍ෂේප කෙරේ

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන්ට පනවා තිබෙන සිර දඬුවම යළි සලකාබලන ලෙස ඉල්ලමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඔහුගේ නීතිඥ මහත්වරු මාර්ගයෙන් ඉදිරිපත්කළ මෝසමක් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර තිබේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර හතරක සිර දඬුවමක් නියමවීමෙන් පසුව රන්ජන් රාමනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් එම මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

එම මෝසම තුළින් රංජන් රාමනායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ යම් පුද්ගලයෙකුට නියම වන දඬුවමකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිමය හිමිකම පවතින බවය.

ඒ අනුව තමන්ට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසරදෙන ලෙසත් එම අභියාචනය පංච පුද්ගල හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකාබලන ලෙසත් ඉල්ලමින් රන්ජන් රාමනායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම මෝසම ඉදිරිපත් කර තිබුණි.

Related posts

14 වනදා මැදියම් රැයේ සිට සමාජ මාධ්‍ය අවහිර කිරීමේ සූදානමක් !

colombotoday

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද ජනපති හමුවෙයි

colombotoday

“බැසිල් ශ්‍රීලනිපය දෙකඩ කරන්න හදනවා.. මහින්ද පැරදුනෙත් ඔහු නිසයි” ඇමති ඩිලාන් පෙරේරා

colombotoday

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බිරිඳගේ ප්‍රාඩෝ රථය උස්සලා

Admin

ආහාර අළෙවියේදී අලුත් නීතියක් එයි…

colombotoday

ලංකාව අපට අතිශයින් වැදගත් උපායමාර්ගික කෙන්ද්‍රස්ථානයක් – ඇමරිකානු නාවික අද්මිරාල්

colombotoday