Colombo Today Local News

සියලු බස් හා දුම්රිය සේවා අත්හිටුවයි

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග සියලු බස් හා දුම්රිය සේවා අත්හිටුවා ති‌බේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, භාණ්ඩ හා ඉන්ධන ප්‍රවාහන දුම්රිය 08ක් පමණක් අද (21) දිනයේ ධාවනය කරන බවය.

සාමාන්‍ය මගී ප්‍රවාහනය සඳහා දුම්රිය ධාවනය නොවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක ස්වර්ණ හංස මහතා සඳහන් කළේ, සෞඛ්‍ය සේවකයින් ප්‍රවාහනය සඳහා විශේෂ බස් ගමන්වාර ක්‍රියාත්මක බවය.

මීට අමතරව වරාය හා රේගුව වැනි ආයතනවල සේවකයින් ප්‍රවාහනය සඳහා ද බස් ගමන්වාර කිහිපයක් යොදවා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

සියලු හමුදා නිලධාරීන්ගේ දුරකථන අංක හා අන්තර්ජාල ගිණුම් තොරතුරු ඉල්ලා යුද හමුදා මූලස්‌ථානයෙන් නියෝගයක්‌

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාවේ වෙළුම් 65ක් නීතිපතිට… සංවේදී සාක්ෂි සටහන් ඇති තවත් වෙළුම් 22ක් ලබා දී නෑ…

colombotoday

හිටපු ජනපති මහින්ද සිංගප්පූරු යයි

colombotoday

දූෂණ ලයිස්තුවේ අංක 9 ට රාජිත.. පිළිකා ඖෂධ වලින් සුපිරි ගැහිල්ලක් ගැන චෝදනා !!

colombotoday

නාවික නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ්…

colombotoday

නීතියට වෙට්ටු දැමූ ඇඹිලිපිටිය ASP රහස් පොලිස් අත්අඩංගුවට

colombotoday