Colombo Today Local News

කුරුණෑගල රණවිරු ස්මාරකය ඉවත් කළේ පාර හදන්නයි.. තිබුණට වඩා හොද එකක් හදනවා – ජනපති

mithrepala 23රණවිරු ස්මාරක ඉවත් කිරීමට තමා කිසිවෙකුට ඉඩක් ලබානොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සංවර්ධන කටයුතුවල දී ඇතැම් අවශ්‍යතා පැන නැගුණ ද නිසි ගෞරවයක් ලැබෙන ආකාරයට එම ස්මාරක නැවත ප්‍රතිස්ථාපනය කිරීමට තමා උපදෙස් ලබා දී ඇති බව ජනාධිපතිවරයා කියයි.

කුරුණෑගල, හිරියාල – මීගහඇල ක්‍රීඩාංගණයේ පැවති මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් තාවකාලිකව ඉවත් කළ රණවිරු ස්මාරකය පෙරටත් වඩා අලංකාරවත් හා නිර්මාණශීලි ලෙස නැවත එම ස්ථානයේ කඩිනමින් ඉදිකිරීමට තමා ආරක්ෂක ලේකම්වරයාට සහ යුද හමුදාවට උපදෙස් ලබාදුන් බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

රණවිරු ස්මාරකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය කටයුතු කර ඇති බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යය බව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැරදි තොරතුරු සමාජයට ලබාදෙමින් ජනතාව නොමග යැවීමට ගනු ලබන උත්සාහයන් දැඩිව ප්‍රතික්ෂේප කරන බව ද පැවසීය.

Related posts

දැරියකට ලිංගික අතවරයන් කළ අසල්වැසි ඥාති පස්දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

අන්තවාදී අදහස් ප්‍රචාරය කිරීමට සැකපිට ජමියතුල් උලමා සංවිධානයේ වියතෙක් අත්අඩංගුවට

colombotoday

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිලාට මාසයකින් නැවතත් ඇමතිකම් !!

colombotoday

එජාපය සදුදා කොළඹ වටලන්න යයි… මහ පිරිසක් කොළඹට කැදවයි….

colombotoday

රට පනින්න ගිය 45ක් නාවික හමුදාවට මාට්ටු

colombotoday

දෙපා නැති නාඳුනන මළ සිරුරක් ගං ඉවුරක

Admin