Colombo Today Local News

රණවිරුවන් වෙනුවෙන් අලුත් දේශපාලන පක්ෂයක් එයි !

ajith prasannaඅලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තීරණය කර ඇති බවත්,ඒ වෙනුවෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.

අලුතින්ම දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමේදී නීතිමය ගැටළු පැනනැඟුණහොත් දැනට‍ පවත්නා දේශපාලන පක්ෂයක් නීත්‍යනුකූලව පවරාගෙන නම වෙනස් කිරීමට කටයුතු කරන බවද ප්‍රසන්න මහතා සඳහන් කළේය.

රණවිරුවන්ට එරෙහිව දිගින් දිගටම අකටයුතුකම් සිද්ධවන බවත්,ඊට එරෙහිව නැඟී සිටියයුතු බවත් හෙතෙම කියා සිටියේ අද(30)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ප්‍රගීත් එක්නැලිගොඩ මිය ගිය බවටවත්,කිසිදු සාක්ෂියක් නොමැතිව බුද්ධි අංශ නිලධාරීන් 8 දෙනෙකු අවුරුද්දක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව ඔහු අවධාරණය කළේය.

ස්ථාපිත කිරීමට නියමිත අතුරුදහන්වූවන්ගේ කාර්යාලය දෙමළ ඩයස්පෝරාවේ බළල් අතක් බවත්,එමගින් රණවිරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

එළඹෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුව වෙනුවෙන් කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය අසළ පැවති රණවිරු ස්මාරකය ගලවා ඉවත් කර ඇති බව ප්‍රසන්න මහතා කියා සිටියේය.

Related posts

සතියක් රට වසන්නැයි අස්ගිරි – මල්වතු මහානාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති

colombotoday

මාකඳුරේ මදූෂ්ගේ අවසන් ඉරණම ලියැවුනු හැටි

colombotoday

අද කොළඹ එන උද්ඝෝෂකයින්ට අධිකරණයෙන් කොන්දේසි දෙකක්

colombotoday

තේ පොහොර නිෂ්පාදන මිලටම දෙන්න සමාගම් දෙකක් එකඟ වෙයි

Admin

රාජ්‍ය ගෞරව සහිතව ඉහළින් පිලිගනී.. ජනපති ගෝඨාභය ඉන්දීය අගමැති මෝදි හමුවෙයි !

colombotoday

“කිරිබත් වලට වඩා තෛපොංගල් බත් රසයි.. දැන් ලංකාවටම හිරු පායනවා” – අගමැති

colombotoday