Colombo Today Local News

මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ලිපි-පාර්සල් අතුරුදන් වෙයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ලිපි හා පාර්සල් අතුරුදන් වීම් වැඩි වෙමින් පවතී. පසුගිය මාසයක පමණ කාලය ඇතුළත එවැනි අතුරුදන්වීම්වලට අදාළව පැමිණිලි රැසක් ලැබී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට එවන ලද අත්‍යාවශ්‍ය ලේඛනයක් ද මධ්‍යම තැපැල් හුවමාරුවේ දී අතුරුදන්ව ඇත. එම ලේඛනය අතුරුදන් වී මාස දෙකක පමණ කාලයක් ගත වී ඇතත් එය මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන බව ද ඉහත ආරංචි මාර්ග කියයි. අතුරුදන් වන ලිපි හා පාර්සල්වලට අදාළව සටහන්ව ඇත්තේ මධ්‍යම තැපැල් හුවමාරුවට භාර ගත් ලේඛන පමණක් වන අතර ඒවා තැපැල් හුවමාරුවෙන් පිටතට ගිය බවට කිසිදු ලේඛනයක් නැතැයි ද ඒ අනුව ඒවා අතුරුදන්ව ඇත්තේ තැපැල් හුවමාරුවේ දී බවට තීරණය කළ හැකි යැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

තැපැල් හුවමාරුවට ලැබුණු පාර්සලයක් සොරා ගත් එම ආයතනයේම සේවයකයෙක් මීට දෙසතියකට පමණ පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කර තිබිණි. ඔහු මේ වන විට ඇප මත මුදාහැර සිටී.

මෙවැනි අතුරුදන් වීම්වලට හේතුව විධිමත් ක්‍රියාවලියක් නොවීම බවත් මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු විධිමත් කිරීම අත්‍යාවශ්‍ය බවත් එහි සේවකයෝ පෙන්වා දෙති.

එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන බවත් ඒ අනුව අවශ්‍ය පියවර ගැනෙන බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මධ්‍යම තැපැල් හුවමාරුවේ අධිකාරී එම්. අස්ලම් සඳහන් කළේය.

Related posts

අධිකරණ නියෝගය නොතකමින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දිගටම වර්ජනයේ

colombotoday

සෙනසුරාදා සිට අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවිය හැකියි

colombotoday

ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ව්‍යවස්‌ථාවක්‌ – රාජිත

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමිවියයුතු තැන සහතික කරනු – අගරදගුරු මැල්කම් රංජිත්

colombotoday

පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලා ප්‍රේමලාල් අභියාචනාධිකරණයට

colombotoday

ප්‍රථම වරට මෙරටින් හඳුනා ගත් ගව වෛරසය දිස්ත්‍රික්ක 14ක පැතිරෙයි.

colombotoday