Colombo Today Local News

රවීගේ “ඔන් ගොයින් හොරකම්” හා බිරියගේ, දුවගේ ගුදම ගැන FCIDයට පැමිණිළි !

9363bcde60dacc60a24525988b5c3105_Lමුදල් අමාත්‍ය රවීකරුණානායක මහතාගේ බිරිය මෙලනි විරන්ති කරුණානායක හා දියණිය ඔනෙලා විරන්ති කරුණානායක අධ්‍යක්ෂ ධූර දරනු ලබන ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ආයතනයට පොදු ගුදමක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණිලි කරන බව දූශණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කියයි.

රේගු ආඥා පනත යටතේ පොදු ගුදමක් පවත්වාගෙන යාමට අවසර ඇත්තේ රජයට පමණි.

මෙවැනි ගුදමක් පවත්වාගෙන යාමට අවසර දිය යුතුවන්නේ මුදල් අමාත්‍යවරයා බවත්, ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ආයතනයට මේ ගුදම පවත්වාගෙන යාමට අවසරය දී ඇත්තේ මුදල් අමාත්‍යවරයා රටින් බැහැරව සිටි අවස්ථාවක මුදල් රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා මහතා විසින් බව පැවසේ.

මේ ගුදම ලබා ගැනීමට බැංකු අපකරයක් වෙනුවට රුපියල් මිලියන 400ක පෞද්ගලික ඇපකරයක් තබා ඇති බවත් සමරසිංහ මහතා කියා සිටී.

කරුණානායක මහතා මුදල් ඇමතිවීමට පෙර රුපියල් ලක්ෂ දහයක චෙක්පතක් නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාගවූ බවත්, අධිකරණයේදී එම මුදල ගෙවීමට එකඟවූයේ සිවුමසකින් මසකට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ගෙවීමට බවත් අමාත්‍යවරයාට මුදල් ඇමතිවීමට පෙර මුදල් අහේනියක් වූ බව ඉන් පෙනීයන බවත් ඒ මහතා කියා සිටියේය.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී වසන්ත සමරසිංහ මහතා රවී කරුණානායක මහතාගේ මෙම ක්‍රයාකළාපය හදුන්වා තිබුණේ “ඔන් ගොයින්” හොරකම් ලෙසයි.

Related posts

වාසුගේ නඩුව විභාගයට ගනී.. හම්බන්තොට වරාය, අක්කර 15,000 විකිණීම නවතන්න වෙයි

colombotoday

ජනබල විරෝධයේ සජීවී විකාශනය මෙන්න [LIVE]

colombotoday

බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ…

Admin

මරණ දඩුවමට අලුත් සංශෝධනයක්

colombotoday

මුස්ලිම් කටයුතු ඇමති හලීම්, තව්හිද් ජමාත් අන්තවාදී පල්ලි 400කට අවසර දීලා…

colombotoday

අත්අඩංගුවට ගැනීමට පෙර මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවගෙන් සටහනක්

colombotoday