Colombo Today Local News

සහරාන් යටතේ අන්තවාදී පන්ති පැවැත් වූ තවත් අයෙක් TID අත්අඩංගුවට

මුර්තූර් සහ ඔලුවිල් යන ප්‍රදේශවල අන්තවාදී පන්ති පැවැත් වූ තවත් පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාම් හෂිම්ගේ මෙහෙයවීම යටතේ 2018 වසරේ සැකකරු විසින් එම ප්‍රදේශවල අන්තවාදි පන්ති පවත්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

සැකකරු මාවනැල්ල, හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මොහොමඩ් සහිම් නමැති පුද්ගලයෙකු බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් ඇති අතර ඔහු අද (21)දින අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගැනිමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අන්තවාදි පන්ති සංවිධාන කළ පුද්ගලයින් 07 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

Related posts

කොතලාවල නිවසක් තුල තිබී කාන්තා මල සිරුරක් හමුවේ

Admin

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

colombotoday

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක්

Admin

ශානිගෙන් හා තිසේරාගෙන් ප්‍රශ්න කරයි

colombotoday

සමාව නොගතහොත් නීතීඥ වෘත්තියෙන් දොට්ට දානවා – අධිකරණ ඇමතිගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248ට ලබන 18 සිට 21 දක්වා නම් කැදවයි..

colombotoday