Colombo Today Local NewsHot News

භාෂාව පදනම් කරගත් ප්‍රාන්ත දෙකක්, කදුරටට වෙනම පරිපාලනයක්.. රට කෑලි4කට බෙදන යෝජනාවක් උතුරෙන් එයි

fedral north3

සිංහල සහ දෙමළ භාෂාව පදනම් කරගත් ප්‍රාන්ත දෙකකින් සමන්විත ෆෙඩරල් රාජ්‍යයක් සදහා යෝජනාවක් ඉදිරිපත් කරමින් උතුරු පළාත් සභාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා සිය යෝජනාවලිය ඉදිරිපත් කර තිබෙනවා.

උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් විසින් අදාළ යෝජනාව ඊයේ 07 එම පළාත් සභාව වෙත ඉදිරිපත් කර ඇත.

සිංහල භාෂාව පදනම් කරගත් ප්‍රාන්තය දකුණු පළාත කෙන්ද්‍ර කරගනිමින් පිහිටුවන අතර, දෙමළ භාෂාව කේන්ද්‍ර කරගත් ප්‍රාන්තය උතුරු නැගෙනහිර දෙපළාත කෙන්ද්‍රකරගනිමින් පිහිටුවීම සදහා අදාළ යෝජනා කර තිබෙනවා.

දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පිහිටුවන ප්‍රාන්ත සභාව යටතේ කදුකර ප්‍රදේශය සදහා වෙනම පාලන ඒකකයක් පිහිටුවීමට හා උතුරු නැගෙනහිර කේන්ද්‍රකරගත් ප්‍රාන්ත සභාව ය‍ටතේ නැගෙනහිර සදහා වෙනම මුස්ලිම් පාලන ඒකකයක්ද පිහිටුවීමටද එමගින් යෝජනා කර ඇත.

අදාළ ප්‍රාන්ත සභා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ගනු ලබන යෝජනා ඇතුළත් කෙටුම්පත් ප්‍රාන්ත සභා දෙකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒවායින් සම්මත කර ගැනීමෙන් පසු යළි පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු බවට වන යෝජනාවක්ද එහි අඩංගු වනවා.

යෝජනාවලිය ලබන 12 වනදා උතුරු පළාත් සභාවේදී ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කරගැනීමට නියමිත අතර එසේ සම්මත වුවහොත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ පිහිටා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත භාර දීම සදහා අදාළ යෝජනාව විපක්ෂ නායක ආර් සම්බන්ධන් වෙත ලබා දීමට නියමිතය.

Related posts

අම්පාරට ARMY හා STF ආරක්ෂාව…

colombotoday

“කවුරු මොන බලපෑම් කරත් හම්බන්තොට චීනයට දෙන ගිවිසුම අත්සන් කරනවා“ – එජාපය

colombotoday

වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනයක්

colombotoday

මධුෂ්ව ගෙන්වා ගන්න මාරපන ඩුබායි යයි…

colombotoday

ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ බාධක දා නවතා තුනකට තඩිබෑ 11ක් අත්අඩංගුවට

Admin

ඉවසුවා දැන් ඇති.. රතු කට්ටත් පැන ඉවරයි.. මරික්කාර් මහ පෙරළියකට සූදානම් !!

colombotoday