World

සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් චැඩ් ජනපති මරුට

සටන්කාමීන් සමග ඇතිවූ ගැටුමක් අතරතුර චැඩ් ජනාධිපති ඉද්රිස් ඩේබි මරණයට පත්වූ බව එරට හමුදාව නිවේදනය කරයි.

ඔහු පසුගිය සති අන්තයේ උතුරු දේශසීමාවේ ස්ථානගත වී සිටින හමුදා භටයින් හමුවීමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී ඇතිවූ ප්‍රහාරයකින් ජනාධිපතිවරයා මියගිය බව සඳහන්.

එරට මැතිවරණය පසුගිය 11 වනදා පැවති අතර එහි මූලික ප්‍රතිඵල අනුව ජනාධිපතිවරයා සය වැනි වරටත් තේරී පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඔහුගේ මරණින් පසුව රජය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉදිරි මාස 18 සඳහා රට පාලනයට මිලිටරි කවුන්සිලයක් ස්ථාපනය කර තිබේ.

Related posts

මුස්ලිම් පල්ලි පරිපාලනය රජයෙන්. විශ්වවිද්‍යාලවල යාච්ඤා කිරීම තහනම්. දරුවන්ට නිවාස අධ්‍යාපනය තහනම්. | රැඩිකල් විරෝධී පනත ප්‍රංශ සෙනෙට් සභාවෙන් සම්මතයි.

colombotoday

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

Admin

ඇමරිකානු උප ජනාධිපතිගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුටත් කොරෝනා අසාදනය වෙලා

colombotoday

කෘතීම ඥානය සහිත ලොවට අභියෝගයක් වියහැකි අලුත්ම ප්‍රහාරක යානයක්

Admin

හමාස් සංවිධානය භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගනී

Admin

ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනී

colombotoday