Colombo Today Local News

රැකියා ඇති තරම්.. ඒත් සුදුසුකම් ඇති අය නෑ

mithrepala

අපේ රටේ අද තියෙන්නේ රැකියා හිඟයක් නොව, රැකියාවන්ට අවශ්‍ය සුදුසුකම් පිළිබඳ හිඟයක් බැව් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හික්කඩුවේදී පැවැසීය.

කොළඹ හුණුපිටිය ගංගාරාම මහා විහාරාධිපති ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් හික්කඩු සීනිගම ප්‍රදේශයේ ආරම්භ කළ ශ්‍රී ජිනරතන කාර්මික වෘත්තීය පුහුණූ ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙසේද කීවේය.

අපේ රටේ තියෙන්නේ අද රැකියා හිඟයක් ‍නෙවෙයි තියෙන්නේ. රැකියාවන්ට අවශ්‍ය සුදුසුකම් පිළිබඳ හිඟයක් තියෙන්නේ. රාජ්‍ය හා පෞද්ගලික අංශය ගත්විට ලක්ෂ ගණනක රැකියා පුරප්පාඩු තියෙනවා. පෞද්ගලික අංශයේ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා. නමුත් ඒ ඒ ආයතනවලට අවශ්‍ය වෘත්තීය පුහුණු වීම් පිළිබඳ සුදුසුකම් නොමැතිවීම තමයි ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන්නේ.
පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සමග කතා කරන විට, මේ රටේ ප්‍රධාන කර්මාන්ත ක්‍ෂේත්‍රය දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ කර්මාන්ත තුළ තියෙන ප්‍රබල ප්‍රශ්නයක් තමයි අවශ්‍ය වෘත්තීන් සඳහා සුදුසුකම් තියෙන පුද්ගලයින් සොයාගැනීම. රාජ්‍ය ක්‍ෂේත්‍රය ගත්විට මේ රටේ පාසල් අධ්‍යාපනය තුළ උසස් අධ්‍යාපනය ලබන පිරිස් මේ රටේ කෙතරම් සිටියත්,

තාක්ෂණික හා වෘත්තීය පුහුණූ අංශ, නව ආර්ථීක උත්පාදනවලට අවශ්‍ය මූලික ප්‍රමිතීන්ට ගැළපෙන ආකාරයට අධ්‍යාපනය සහ පුහුණූවන්නන්ගේ තියෙන දැඩි හිඟය බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය රටේ දේශීය රැකියා ක්‍ෂේත්‍රයට පමණක් නොවෙයි විදේශීය රැකියා අවස්ථාවනටත් ගැළපෙන පිරිසක් බිහි කරනවා.

Related posts

අවන්හලකට ගිය කොස්තාපල්ට පිරිසක් පහරදීලා

Admin

අගමැති වෙන්න මට අවශ්‍ය නෑ – කතානායක

colombotoday

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර

Admin

ජනක බණ්ඩාර යළි රිමාන්ඩ්, චොකා මල්ලිත් රිමාන්ඩ්

colombotoday

පුතු බේරාගැනීමට අල්ලස් දෙන්න හැදූ පියා අත්අඩංගුවට

colombotoday

ඡන්දේ කල් දැම්මොත් ලේ වැගිරීම් ඇති වේවි

Admin