Colombo Today Local News

මම පක්ෂය මෙහෙයවන්නේ 2020 ආණ්ඩුව ගන්නයි.. තවත් 51කගේ තනතුරු අහෝසි විය හැකියි – ජනපති

mithrepala

පක්ෂයේ විනය නීති දැඩි ලෙස උල්ලංඝනය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට ක්‍රියා කරන මන්ත්‍රීවරු පනස් එක් දෙනාගේ ආසන සංවිධායක ධූර සහ මන්ත්‍රීධුර අහෝසි විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පවැසූයේ ජනාධිපති නිල නිවසේ දී ඊයේ (17) පැවැති ආසන, දිස්ත්‍රික්ක සංවිධායකවරුන් හතළිස් දෙනකු සඳහා නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පක්ෂයක් දෙකඩ කර ආණ්ඩු බලයක් ලබා ගත් පක්ෂයක් පිළිබඳ දේශපාලන ඉතිහාසයේ සටහන් නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ලලිත් ඇතුළත් මුදලි සහ ගාමිණි දිසානායක මහත්වරු එක්සත් ජාතික පක්ෂය කැඩීමෙන් එජාපයට සිදුවූ පරිහානිය උදාහරණයක් ලෙස ගෙන හැර දැක්වීය හැකි බව ද අනාවරණය කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය ‘අත ලකුණින්’ තරග කිරීමට අපේක්ෂා කරන බවත් එය ජයග්‍රාහි මාවතකට රැගෙන යෑම තම අරමුණ බවත් ජනාධිපතිවරයා පැවැසීය. වසර 2020 දී ආණ්ඩු බලයක් ලබා ගැනීම සඳහා පක්ෂය මෙහෙයවීම තමාගේ ඒකායන අරමුණ බව පැහැදිලි කළ ජනාධිපතිවරයා දශක හතරකට වඩා වැඩි කාලයක් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයේ නියුතු තමා පක්ෂයේ ඉදිරි ගමන්මඟ පිළිබඳ මැනවින් දන්නා බව අනාවරණය කළේය.

Related posts

විදෙස් රටවල සිරව සිටි ලාංකිකයින් 76ක් අද දිවයිනට

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජලය බෙදා හැරීම කාලසටහනකට..

Admin

විශ්වවිද්‍යාල වෙත සිසුන් කැඳවීමට අවසර

colombotoday

අටුලුගම දැරිය ඝාතනය : සැකකරු රිමාන්ඩ්

colombotoday

කොවිඩ් 19 හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුළු වැරදිමත රඳවා සිටි 18 ක් ඇප මත නිදහස්

colombotoday