Colombo Today Local News

මෝටර් රථයක් අඩි 500ක් ප්‍රපාතයකට පෙරළී කිවුල් ළිඳ ඔයට වැටෙයි

මහනුවර රන්දෙණිගල මාර්ගයේ කිවුල් ළිඳ හන්දිය ආසන්නයේ දී මෝටර් රථයක් අඩි 500ක් පමණ ප්‍රපාතයකට පෙරළී කිවුල් ළිඳ ඔයට වැටී තිබේ.

අනතුරින් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු බරපතල තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර ඇත.

මොවුන් රටේමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර රිය පැදවීමේ පුහුණුවක් ලබා ගැනීම සඳහා මෙම මාර්ගයේ ගමන්කර ඇත.

වික්ටෝරියා ජලාශයට අයත් කිවුල්දිද ඔය මේ දිනවල පතුලටම සිඳීගොස් ඇති අතර ජලාශය පිරී ඇතිවිට මෙම ප්‍රදේශයේ අඩි සියයකට වඩා ජලයෙන් පිරී පවතී. එසේ නොවන හෙයින් මොවුන්ගේ ජීවිත අනූනවයෙන් බේරී ඇතැයි අවට සිටි පිරිස් හා පොලිස් නිලධාරීන් පවසයි.

Related posts

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මුස්ලිම් හදිසි මරණ පරීක්ෂකවරයෙක් බඳවා ගනු. | අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් නියෝග

colombotoday

දුරකතන, අන්තර්ජාල හා මුදල් ගෙවා නරඹන රූපවාහිනි සේවා ගාස්තු අද සිට ඉහළට..

colombotoday

IOC තෙල් ප්‍රවාහන රථ සියල්ලම සේවයට කැඳවයි

colombotoday

ජනපති අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday

අද ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී ආරඹයි

colombotoday