Colombo Today Local News

කරුණු දහසක් තිබියදී බැසිල් ඇල්ලුවේ වලිගෙන් – එස් බී දිසානායක

sb disanayake 233බැසිල්ව අල්ලන්න කරුණු දහසක් තියෙද්දී මේ අල්ලගෙන ඉන්නෙ නැට්ටක්. මේ නැට්ටෙන් බැසිල් නිදහස් වෙනවා. මම කිව්වේ ඒකයි. නමුත් බැසිල් අල්ලන්න ඕනෙ එකකින්වත් අල්ලලා නැහැ යැයි අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පැවැසීය.

මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මේ බව පැවසීය.

කඩුවෙල අක්කර පහළොවක විශාල මාලිගා මන්දිරයක් බැසිල් ගොඩනගනවා. එයා කියනවා ඒක එයාගෙ නොවෙයි කියලා. නමුත් ඒකට මුදල් ගෙවලා තියෙන්නේ සියලු දේ කරලා තියෙන්නේ එයා. දකුණෙ මාතර තියන විශාල වටිනාකමක් ඇති ඉඩම් අක්කර පහක් අරගෙන එයා මන්දිරයක් හදනවා. ඒකත් එයාගෙ නොවෙයි කියනවා. ගම්පහ එයාගේ හදපු කාර්යාලය එයාගේ නොවෙයි කියනවා. මේවා තමයි යෝධ කාරණා. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන්ට දී තිබූ බට ටික අල්ලන්න ඕනෙ නැති එකක් කියලයි මම කිව්වේ. ඒකෙන් ඔහු නිදහස් වෙනවා කියන එක නොවෙයි. ඒ බටවලින් ඔහු වැරදි කරුවෙක් කරන එක ලෙහෙසි නැහැ කියන එකයි මගේ මතය. නමුත් එයා වැරදිකරු කරන්න දහසක් දේ තිබියදීත් මේක ඇල්ලුවේ කුමන්ත්‍රණයක් කියලයි මම හිතන්නේ. යැයිද ඇමතිවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.

Related posts

මරණ දඩුවම නියම වූ සිරකරුවන් දූපතකට

colombotoday

වසවිස හොයන රතන හිමී.. අහෝ නොදුටී “නෙස්ටී“

colombotoday

හයවැනිදා විවාදය ඇස්බැන්දුමක්.. “පැය කිහිපයක් විවාද කර පලක් නෑ“ – ජනපති කියයි

colombotoday

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

colombotoday

රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ගැන රජයේ තීරණය

colombotoday

නිදහස සමරන්න සතොසේ භාණ්ඩ 7ක මිල අඩු කරා

colombotoday