Colombo Today Local News

OIC ගේ මුව ආවරණය ගලවන්න ගිය රැප් ගායකයාට වැඩ වරදී…

රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකට ආරක්ෂාව සපයමින් සිටී පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධාකර මුව ආවරණය ගැලවීමට උත්සාහ කළ බව කියන ප්‍රසිද්ධ රැප් ගායකයකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.

පානදුර, කෙසෙල්වත්ත තක්ෂිලා පාසලේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සිසු සම්මන්ත්‍රණයකට පානදුර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ආරක්ෂාව සපයමින් සිටි ඇත.

සැකකරු ඒ ආසන්නයේ කෑකෝ ගසමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී, ස්ථානාධිපතිවරයා සැකකරුට අවවාද කර ස්ථානයෙන් පිටව යන ලෙස උපදෙස් දී ඇති අතර, එහිදී සැකකරු ස්ථානාධිපති වරයාගේ මුව ආවරණයෙන් ඇද ආවේගශීලිව හැසිරීම හේතුවෙන් සාපරාධී බලහත්කාරය පෑම යටතේ අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිළධාරියෙක් පවසයි.

Related posts

දැන් හොදටම ඇති… පුලුවන් කෙනෙකුට නායකත්වය දීල ගෙදර යන්න – බිම් මට්ටමෙන් රනිල්ට එරෙහිව කැරැල්ල ඇරඹේ..

colombotoday

විමල් සිර කුටියේ සිට ජනිපෙ සමුළුව අමතයි !

colombotoday

හිටපු ජනපති ගෝඨාභය අනිද්දා දිවයිනට

colombotoday

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති-අගමැති හදිසියේ හමුවෙයි….

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ නවක නේවාසික නර්තන ශිල්පීන් කලඑලි බසී

Admin

ඥාණසාර හිමි අස්ගිරි මහා නාහිමියෝ බැහැ දකී…

colombotoday