Colombo Today Local News

“පොඩි ලැසී” තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් “පොඩි ලැසී” තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ සැකකරු අද (21)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මොහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැණෙන වරදක් සිදුකර ඇති බවට අනාවරණය වී නොමැති බවය.

එහෙත් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම සහ කුමන්ත්‍රණය කිරීම මෙන්ම ගිනි අවි සංශෝධන පනත යටතේ ගැණෙන වැරදි සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

එමෙන්ම ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී භාවිතා කරන ලද ජංගම දුරකථනයේ දත්ත විශ්ලේෂණ ඔස්සේ සිදුකළ විමර්ශනවලදී චමින්ද දිල්රුක් නොහොත් පරෙවි සුදා සහ විහඟ ප්‍රභාත් යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සහය ලබාදී ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සැකකරු ලබන 4 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට උපදෙස් ලබා දී තිබේ.

Related posts

සෞඛ්‍ය ඇමැතිනී දැඩි සත්කාර ඒකකයට

colombotoday

බදියුදීන් අත්අඩංගුවට ගන්න කියා නියෝගයක් ආණ්ඩුව දීලා නෑ. දැන් පොලිසිය ස්වාධීනයි – ජොන්ස්ටන් ප්‍රනාන්දු

colombotoday

“කවුරුන් ස්වාධීන වුණත් මිනිසුන්ගෙන් කන්න වුණොත් කන්න වෙන්නේ එකටම” | මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුව ඉදිරියටම

colombotoday

නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ඇරඹෙයි

Admin

සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද අල්ලයි

Admin

වාසුදේව මරාගෙන මැරෙන සටනක් අරඹයි !

colombotoday