World

චීන දේපල විකිණුම් සමාගමක් දැඩි මූල්‍ය අර්බුදයක – ලෝක ආර්ථිකයටත් බලපෑම්

චීන දේපල විකිණුම් සමාගමක් වන එවර්ග්‍රැන්ඩේ සමුහය මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වෙයි.

ඩොලර් බිලියන 300කට අධික ණය වෙනුවෙන් පොලී ගෙවීමට එවර්ග්‍රැන්ඩේ සමුහයට ගැටලු මතුවී ඇති බව මූල්‍ය වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි.

එම හේතුවෙන් චීන ආර්ථිකයට මෙන්ම ලෝක ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල වෙතැයි ආර්ථික විශේෂඥයෝ බිය පළ කරති.

විදෙස් මාධ්‍ය පැවසුවේ එම හේතුවෙන් අද ආසියානු කොටස් වෙළෙඳපොළවල පසුබෑමක් දක්නට ලැබුණු බවය.

චීන මූල්‍ය නියාමකයින් පවසන්නේ එම සමාගම් සමුහය මුහුණ දී ඇති අර්බුදය එරට මූල්‍ය ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් ඇතිකිරීමට ඉඩ ඇති බවය.

එසේම එම අර්බුදය හේතුවෙන් එම සමාගමට ණය සපයා ඇති විශාල බැංකු ද අර්බුදයට පත්වී එය සමස්ත ලෝක ආර්ථිකයට ම බලපෑ හැකි බව සමහර මූල්‍ය විශේෂඥයෝ බිය පළකරති.

Related posts

හවුති සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලී නැහැ – ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ප්‍රකාශයක්

Admin

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday

ඉර්ෆාන් ඛාන් ජීවිත රඟමඩලෙන් බැස යයි

colombotoday

ලොව පුරා සේවය කරන එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ 86 කට කොරෝනා

colombotoday

චීනයේ කම්හලක ගින්නකින් 36 ක් ජිවිතක්ෂයට

Admin

රුසියානු හමුදාවෙන් රුසියාවේ නගරයකටම බෝම්බ හෙළීමක්

Admin