Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රී – ප්‍රාදේශීය සභා මන්ත්‍රී වලිය : ප්‍රා. මන්ත්‍රිවරයා සහ ආධාරකරුවන් දෙදෙනෙකුට ශරිර ඇප

නාවලපිටිය කැටබුලාව ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රුස්විමකදි කලහකාරි ලෙස හැසිරි පිරිසකට පහර දි තුවාල සිදු කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විසින් සැකකරුවන් තිදෙනෙක් (21) දින අත්අඩංගුවට ගෙන සැකකරුවන් නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එක් සැකකරුවෙකුට රු ලක්ෂය බැගින් වු ශරිර ඇප තුනක් මත මුදා හැර එම නඩුව සමථ මණ්ඩලයකට යොමු කර යලිත් එම නඩුව 2022.01.27 දින කැදවිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ කොත්මලේ ප්‍රාදේශිය සභාවේ නාගරික මන්ත්‍රි (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ) චාමර සුභාෂිත ද සිල්වා සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනා වන නාවලපිටිය කැටබුලාව ප්‍රදේශයේ පදිංචි මැදගෙදර සුනිල් රණසිංහ සහ සිව්රාලලාගේ සේනක කුමාර බණ්ඩාර යන සැකකරුවන්ය.

සැකකරුවන් තිදෙනා ඉකුත් (18) දින නුවරඑලිය දිස්ත්‍රික් පා.ම කොත්මලේ ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපති නිමල් පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය කැටබුලාව ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්විමට සහභාගි වි කලහකාරි ලෙස හැසිරි කොත්මලේ ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි සිසිර නාමල් (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ) මහතාට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනාට එරෙහිව සිසිර නාමල් මන්ත්‍රිවරයා නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

ගැටුමෙන් තුවාල ලැබු සිසිර නාමල් මහතා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇත.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

අන්තරේ විරෝධතාවයට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

ඉරිදා සහ පෝය දිනයන්හි දකුණු පළාතේ ටියුෂන් තහනම් – සභාවේ සියලු දෙනා ඒකමතිකව සම්මත කරති

colombotoday

කොමදෝරු දසනායක ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගල් පැලෙන බොරු කියලා !

colombotoday

පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුව පැරණි පාර්ලිමේන්තුවේ රැස්වෙයි

Admin

“අපි ලන්ඩනයේ පාටි දැම්මේ සයිවර් කඩේක.. අපිගැන දුක නැද්ද” – හිටපු ඇමති අසයි

colombotoday

සියලු සිසුන් පාසැල් වෙත කැඳවන්නැයි චක්‍රලේඛයක්

colombotoday