World

චීන ජනපතිට රටවල් 21ක පරිසර සංවිධාන 74 කින් ලිපියක්

ලෝකයේ රටවල් 21 ක් නියෝජනය කරන පරිසර සංවිධාන 74 ක් සහ ක්‍රියාකාරිකයන් 124 දෙනෙකු විසින් අත්සන් තැබූ විශේෂ ලිපියක් චීන ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

මෙම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ පරිසරයට දැඩි ලෙස හානි කරන සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අධාර සැපයීම අත්හිටුවන ලෙසයි.

මෙම ලිපිය යැවීමට මූලික හේතුවී ඇත්තේ චීන ආධාර මත බංගලාදේශයේ ඉදිකෙරෙන බන්ක්සාලි නම් ගල්අගුරැ බලාගාරය හේතුවෙන් දැවැන්ත පරිසර විනාශයක් සිදුවන බවට ඉදිරිපත්ව ඇති විරෝධතාවයි.

මෙම බලාගාර ව්‍යාපෘතිය මගින් පුද්ගලයන් 10,000 කට පමණ නිවාස සහ වගා බිම් අහිමි වන බව ප්‍රකාශ වී ඇති අතර මෙි සම්බන්ධයෙන් වරින්වර පැවති විරෝධතාවලට බංගලාදේශ ආරක්ෂක බලධාරීන් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති බවද සදහන් වේ.

මේ අනුව අදාළ ව්‍යාපෘතියට පමණක් නොව දැඩි ලෙස පරිසරයට හානි කරන ලෝකයේ සියලුම සංවර්ධන ව්‍යාපෘතිවලට ආධාර ලබාදීමෙන් වැළකී හරිත සංවර්ධනයට පමණක් ආධාර සපයන්නැයි මෙම ලිපිය මගින් අවධාරණය කර තිබේ.

කෙසේවෙතත්,මෙම ලිපිය යැවීමට මූල්වූ බංගලාදේශයේ පරිසර ක්‍රියාකාරිකයන් එරට බලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති අතර ඔවුන් සදහන් කර ඇත්තේ ආධාර නවත්වන ලෙස ඉල්ලා විදේශ රටකට ලිපියක් යැවීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි.

Related posts

පුද්ගලයන් 1,000ක් රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරක

Admin

ජර්මනියටත් ට්‍රක්රථ ප්‍රහාරයක්.. ත්‍රස්තයෝ නත්තල් වෙළදපොළ ලේ විලක් කරයි (Video)

colombotoday

තබ්ලික් ජමාත් සහ කොරෝනා මෙතෙක් කතාව. ඉන්දුනීසියාවේ තබ්ලික් දේශකයින් 800 ක් පමණ අසාදු ලේඛනයට.

colombotoday

ඇමරිකානු තානාපති කාර්යාලයක් වෛරසයට ගොදුරු වෙයි. – ආසාදිතයින් 114 ක්, අයෙක් මරුට

colombotoday

ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය අත්හිටුවයි

colombotoday

රුසියානු රත්‍රන් ආනයනය ඔස්ට්‍රේලියාව තහනම් කරයි

colombotoday