Colombo Today Local News

පොලිසියට වෙට්ටු දාන්න ගිය කුරුඳු හොරා වහලෙන් වැටෙයි

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිමට ගිය සැකකරු නිවසේ වහලට නැග බිමට පැන පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ වහලෙන් බිමට වැටි තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කළ බව ඉමදුව පොලිසිය පවසයි.

මෙසේ තුවල ලබා රෝහල් ගත කර ඇත්තේ පිලාන අමුකොටුකන්ද පදිංචි 35 හැවිරිදි සැකකරුවෙකි.

ඉකුත් අප්‍රේල් 28 වනදින රාත්‍රි දික්කුඹුරේ කුරුඳු වෙළඳ සලක් බිඳ කුරු සොරකම් කිරිම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු නිවසේ සිටින බවට ලැබුණ තොරතුරක් අනුව පොලිසිය නිවසට ගිය අවස්ථාවේ සැකකරු නාන කාමරයෙන් වහලට නැග බිමට පැන පලා යාමට උත්සාහ කල අවස්ථාවේ වහලෙන් බිමට වැටි ඇත.

බිමට වැටිමෙන් කකුල කැඩි තිබු සැකකරු පොලිසිය විසින්ම කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අද (17) සවස කරාපිටිය රෝහලට ගොස් සැකකරු පරික්ෂා කර බලා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියමිතව තිබිණ.

ඉමදුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක උදිත කුමාර,උප පොලිස් පරික්ෂකවරුන් වන බන්දුසේන සහ කරුණාදාස යන මහත්වරුන් විසින් වැඩදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Related posts

SAITM ප්‍රධානියාට මාළඹේදී වෙඩි ප්‍රහාරයක් !!

colombotoday

කල්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට

Admin

මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්

colombotoday

අභ්‍යවකාශ තාක්‌ෂණය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට

colombotoday

2011 ක්‍රිකට් තරග පාවාදීම පැමිණිල්ලේ පරීක්‍ෂණ අවසන් පාවාදීමක් ගැන කරුණු අනාවරණයක් නෑ..

colombotoday

කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday