Colombo Today Local News

කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ ඉහළ යාමක්

කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ ඉහළ යාමක් පෙන්නුම්කරන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

එම තත්ත්වය තුළ පිරිස් ඒකරාශී වන ස්ථාවල ගැවසීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ ගර්භණී කාන්තාවන්ගෙන් ඉල්ලා සිටී.

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මේ පිළිබඳ වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

“කොරෝනා රෝගය වැලඳුන ගර්භණී කාන්තාවන් සංඛ්‍යාව ඉහළ යෑමක් අපිට දකින්න පුළුවන් පසුගිය සති දෙක තුන ඇතුළත. මේ නිසා අපි ගර්භණී කාන්තාවන්ගෙන් විශේෂයෙන් ම ඉල්ලන්න කැමතියි කලින් සෞඛ්‍ය පුරුදු ඒ විදියටම පිළිපඳින්න. ඉස්සරහටත් දීර්ඝ සතිඅන්ත එනවා. මහජනතාව ගැවසෙන ස්ථානවලට එක්රැස්වෙන ස්ථානවලට යෑමෙන් වළකින්න. සාදවලට නිවාඩු නිකේතනවලට යෑමෙන් වැළකි ගෙදර තුළ පමණක් සිටින්න. දෙවැනි එන්නත ලබාගෙන මාස තුනක් පහුවෙලා නම් ඒ අම්මලාගෙන් අපි ඉල්ලීමක් කරනවා බූස්ටර් එන්නත ලබාගන්න කියලා.”

Related posts

“ටෝන් එක අවුල්.. කන්ටෙන් එකේ අවුලක් නෑ.. එනිසා රන්ජන් සමාවගතයුතු නෑ“ මරික්කාර්

colombotoday

බස් ගාස්තුත් සංශෝධනය වෙයි

Admin

දුමින්ද දිසානායක සහ සුසිල් ප්‍රේමජයන්ත ගැටෙයි

colombotoday

පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

මහා පරිමාණ ඉන්දීය පාවහන් සමාගමකට මෙරට දොර අරී.. දේශීය පාවහන් කර්මාන්තය අවසන් ගමනේ

colombotoday

ගජමුතු විකුණන්න ගිය 5ක් STF දැලේ…

Admin