Colombo Today Local News

2020 වනවිට මාරාන්තික දුම්කොළ වගාව සහමුලින්ම තහනම් කරනවා – ජනපති අවධාරණය කරයි

my3 2වසර 2020 වනවිට සිගරැට් නිපදවීම සදහා භාවිතයට ගන්නා දුම්කොළ වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මේ වනවිටත් දුම්කොළ වගාව මෙරට තුළ සීමා කොට ඇති බවත් ඉදිරියේදී එය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කරන බවත් ඊයේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේදී පැවති උත්සවයක් අමතමින් ජනපතිවරයා අවධාරණය කළේය.

මේ වනවිටත් මෙරට දුම්කොල වගාව බ්‍රිතාන්‍ය ඇමරිකානු බහුජාතික සමාගම් යටතේ ක්‍රියාත්මක වන අතර ඒ ආශ්‍රිත නිශ්පාදනවල ශුද්ධ ලාභයෙන් 93%කට වැඩි ප්‍රතිශතයක් එම රටවලට ගෙන යන බව සදහන්. රටට ඉතිරිවන්නේ ලාභයෙන් ඉතාම සුළු ප්‍රතිශතයක් වන අතර දුම්කොළ වගාව නිසා ඇතිවන අහිතකර සෞඛ්‍ය ප්‍රතිපලවලට ‍පිළියම් යෙදීම සදහා එම ලාභය මෙන් දස ගුණයක මුදලක් රජයට වැය වන බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

එක් වරක් දුම්කොළ වගාවකින් පසු එම පසෙහි වෙනත් කිසිදු වෙනත් භෝගයක් වගා කළ නොහැකි බවද කියවේ. එබැවින් දුම්කොල වගාව යනු රටට කිසිසේත්ම හිතකර නොවන සහ බරපතල සෞඛ්‍ය හා පාරිසරික ගැටළු ඇතිකරන්නක් එබැවින් එය වහාම තුරන් කළ යුතු බවද සෞඛ්‍ය අංශ මෙන්ම පාරිසරික හිතවාදීන්ද කලක සිට පෙන්වා දෙති.

Related posts

ඥාණසාර හිමි ඝාතන තැතක්..! පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

අධිකරණයේ වැසිකිළියක් තුළදී අල්ලස් ගත් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු දින 5ක්

colombotoday

රන්ජන්ට ඇප නෑ !

colombotoday

විමල්ගේ ප්‍රතිපත්තියට සජිත්ගෙන් පැසසුම්

colombotoday

නාග ගෝත්‍රිකයින් වශයෙන් ජීවත් වුණේ දෙමළ ජනතාවයි.. ලංකාවේ දෙමළ සංස්කෘතික සංහාරයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ..

colombotoday