BusinessColombo Today Local News

2015 දී කොටස් වෙළෙපොළ 5.54% කින් පහළට. ආයෝජකයෝත් යන්න ගිහින්

CSE2015 වසරේ දී කොළඹ කොටස් වෙළෙපොළේ ගනුදෙනු පසුගිය දෙසැම්බර් 31 වන දින අවසන් වූ අතර නව වර්ෂයේ, එනම් 2016 වර්ෂයේ ගනුදෙනු, එළඹෙන ජනවාරි 04 වැනි සඳු දින ආරම්භවීමට නියමිතය. සම්ප්‍රදායිකව වසරේ පළමු දිනය හෙවත් ජනවාරි 01 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළට නිවාඩු දිනයකි.

2015 වසර ආරම්භයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 7,298.95 ක් වශයෙනි. එහෙත් මෙම අගය වසරේ අවසාන දිනය (2015 දෙසැම්බර් 31) වන විට කියැවුණේ ඒකක 6,894.50 ක් ලෙසිනි. එනම් ඒකක 404.29 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ වැටී තිබේ. මෙය 5.54% ක පහළ යාමකි.

මීට අමතරව S&P SL 20 දර්ශකය 2015 වසර තුළ දී 11.33% කින් පහළ වැටී තිබේ. වසර ආරම්භයේ දී ඒකක 4,089.14 ක්වූ එහි අගය 2015 දෙසැම්බර් 31 වන විට සඳහන් වූයේ ඒකක 3,625.69 ක් වශයෙනි.

කොටස් වෙළෙඳපොළේ මෙම පහළ යාම හමුවේ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය ද 2015 වසර තුළ දී 13.9% කින් පහළ ගොස් තිබේ. එමෙන්ම වසර තුළ ශුද්ධ විදේශ ගලායාම් හි වටිනාකම රුපියල් බිලියන 4.14 ක් බව ලංකා සිකියුරිටීස් රිසර්ච් වාර්තාවක සඳහන් වේ. එනම් විදේශිකයින් කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් හි ආයෝජනය කළ ප්‍රමාණයට වඩා, තමන් සතු ආයෝජන විකුණා දැමීමට කටයුතු කර ඇති බව මෙයින් පැහැදිලි වේ.

මේ අතර 2015 වසර තුළ වාර්තා වී තිබෙන දෛනික වෙළෙඳපොළ පිරිවැටුමෙහි සාමාන්‍ය රුපියල් බිලියන 1.42 කි. කෙසේ වෙතත් 2015 වසරේ අවසාන ගනුදෙනු දින 12 තුළ වාර්තා වු දෛනික පිරිවැටුම් වටිනාකම පෙර කී සාමාන්‍ය දෛනික පිරිවැටමට වඩා බෙහෙවින් අඩු අගයයක් විය. දෙසැම්බර් 31 දින දෛනික පිරිවැටුම රුපියල් මිලියන 327 ක්වූ අතර එය වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම මෙන් 1/3 ක අගයයක්වත් නොවීය.

Adaderana Biz

Related posts

කොවිඩ් ගැන තොරතුරු දැනගන්න දුරකථන අංකයක්

colombotoday

සිසුන් 27,603කට මෙවර සරසවි වරම්.. කඩයිම් ලකුණු මෙන්න

colombotoday

රජයේ ඉඩමක් බලෙන් අල්ලාගත් අයෙක්, පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරයි.. ගල්වෙඩි දමා පුපුරවාහරී

colombotoday

දෙදරු පියෙක් උදලු මිටකින් පහරදී ඝාතනය කරලා…

colombotoday

ව්‍යවස්ථාවක් සකස් කළ පමණින් රටේ ප‍්‍රශ්න විසෙදෙන්නේ නෑ – මැල්කම් රංජිත් කාදිනල්තුමන් කියයි

colombotoday

බැඳුම්කර නඩුව ඉදිරියට ගෙන යා නොහැකි – විත්ති පාර්ශ්වය මූලික විරෝධතා මතුකරයි

colombotoday