Colombo Today Local News

මත්පැන් අලෙවිය නතර කිරීමට පියවර ගන්නැයි වෛද්‍ය සංගමය මුදල් ඇමතිගෙන් ඉල්ලයි

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට පෙර මැත්පැන් අලෙවිය සඳහා අවසර ලබාදීමට ගෙන ඇති තීරණය ගැටලු රැසකට මුල්වනු ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළ යාම මෙන්ම, ගෘහස්ථ හිංසන, මාර්ග අනතුරු ඉහළ යාම ආදී ගැටලු රැසක් ඒ හරහා නිර්මාණය වනු ඇති බවය.

මේ හේතුවෙන් මත්පැන් අලෙවිය නතර කිරීමට සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස වෛද්‍ය සංගමය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.

අන්තර්ජාලය ඔස්සේ හෝ මත්පැන් අලෙවියට අවස්ථාව ලබා නොදිය යුතු බව ඔවුන් සිය ලිපියෙන් ඉල්ලා ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදි මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසු අවස්ථාවේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ කිසිදු ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරිමට සුදුසු වාතාවරණයක් මෙතෙක් උදාවී නොමැති බවයි.

මේ අතර දෛනික කොවිඩ් ආසාදිතයින් අඩුවීමේ පදනම විද්‍යාත්මකව පැහැදිලි කිරිමේ හැකියාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමැති බව රාසයානාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසයි.

රට වසා තබමින් වෛරස ව්‍යාප්තිය පාලනයට ගත් පියවර සාර්ථක බවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

Related posts

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති-අගමැති හදිසියේ හමුවෙයි….

colombotoday

“කුරියර් සේවා” අත්‍යවශ්‍ය සේවාවක්. කිසිදු තහංචියක් පනවා නෑ. සමාගම් හැඳුනුම්පත සහ ලේඛන පෙන්වා ගමන් කල හැකියි.

colombotoday

ෂර්මිලා රාජපක්ෂ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

colombotoday

2021 සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

අගමැති මහින්දට චීන ජන රජයේ සුබ පැතුම්….

colombotoday

“ආදාහන බෑ. භූමිදානය ඕනි. ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්න.” මුස්ලිම් දේශපාලකයන් තානාපති කාර්යාලවලින් ඉල්ලයි.

colombotoday