Colombo Today Local News

සහරාන්ගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වු තරුණියක් අත්අඩංගුවට

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් නැමැත්තාගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වු තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වු මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකළ විමර්ශනයක් අනුව එම තරුණය අත්අඩංගුවට ගනු ලැබු බවය.

සහරාන් නැමැත්තා විසින් කාන්තාවක් පිරිසක් ද අන්තවාදී සංවිධානයට බඳවා ගෙන යම් පුහුණුවක් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වු බවත් ඒ අනුව එවැනි කාන්තාවන් 6 දෙනෙක් පසුගිය දෙසැම්බර් මස 7 වන දින ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේ දී අන්තවාදී ත්‍රස්ත පුහුණු පන්තිවලට සහභාගී වු අදාළ කාන්තාව ඊයේ (19)දින දිනයේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

අදාළ සැකකාරිය මේ වන විට ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් ඇතැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඇය රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව ද සඳහන් කළේය.

මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ තරුණියගේ සහෝදරයන් තිදෙනා හා පියා ද මේ වන විට බන්ධනාගාර ගතකර සිටී.

Related posts

පහේ හපනුන් ජනප්‍රිය පාසල්වලට තෝරාගන්නා කඩයිම් ලකුණු මෙන්න

colombotoday

ආර්ථිකය බංකොලොත් වුනේ ගෝඨාභය නිසා නොවෙයි

Admin

ජනාධිපතිගේ ගේ ඇතුලෙදී දේශබන්දු මාව පැහැර ගත්තා. | දවස් ගානක් කන්න දුන්නේ නෑ. – මරන්න ගෙනිහින් රතන හිමි මන්ත්‍රී කම ගත්තා. | අපේ ජනබල පක්ෂයේ හිටපු ලේකම් හිමිගෙන් හෙළිදරව්වක්.

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ යෝජනා

colombotoday

කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට

colombotoday

හේමසිරිට සහ පූජිත්ට ඇප

colombotoday