Colombo Today Local Newsfeatured

ජනාධිපතිගේ ගේ ඇතුලෙදී දේශබන්දු මාව පැහැර ගත්තා. | දවස් ගානක් කන්න දුන්නේ නෑ. – මරන්න ගෙනිහින් රතන හිමි මන්ත්‍රී කම ගත්තා. | අපේ ජනබල පක්ෂයේ හිටපු ලේකම් හිමිගෙන් හෙළිදරව්වක්.

අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ලබා දීම සඳහා අත්සන් කරන ලෙසට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් තර්ජනය කල බවට, එම පක්ෂයේ හිටපු ලේකම් වේදෙනිගම විමලතිස්ස හිමියන් විසින් සිදුකරන ලද බරපතල ප්‍රකාශයක් Onair London නැමති YouTube චැනලයකට එක් කර තිබෙනවා.

මන්ත්‍රී ධූරය පිලිබඳ අර්බුදය සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා මුණගැසීමට පැමිණෙන ලස දන්වා මෙම පැහැරගැනීම සිදුකර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවස තුලදී බවයි වේදෙනිගම විමලතිස්ස හිමියන් අදාළ වීඩියෝවේ සඳහන් කර සිටින්නේ.

එලෙස පැහැරගැනීමෙන් අනතුරුව, දවස් ගණන් කන්න බොන්න නොදී තියාගෙන ඉඳලා බලහත්කාරයෙන් අත්සන් කරවලා මරන්න අරගෙන ගිහිල්ලා මොවුන් මන්ත්‍රී කම පැහැර ගත් බවත් රාජ්‍ය නිලධාරියෙක් ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේකට සම්පුර්ණයෙන් වගකිව යුතු බවත් වේදෙනිගම හිමියෝ පවසති.

මේ සිදුකරන චෝදනා ඉතාමත් බරපතල කාරණාවකි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාර්ලිමේන්තු යැවීම සඳහා අපේ ජනබල පක්ෂයට ලැබුණු ජනවරම මේ වන විට පූජ්‍ය අතුරලියේ රතන හිමි විසින් පැහැරගෙන ඇත. වේදෙනිගම විමලතිස්ස හිමියන්ගේ ප්‍රකාශයට අනුව ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාත් සෘජු ලෙස දායක වී ඇත. මෙය සත්‍යයක්ද? සුවහසක් බෞද්ධයන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් බලාපොරොත්තු වුවේ මෙයද? එසේ නොමැතිනම් අතුරලියේ රතන හිමි සට කපට ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව උපයෝගී කරගෙන මෙම ක්‍රියාදාමය සිදු කලාද? මේ පිළිබඳව ජනාධිපතිවරයා බෞද්ධයන්ට ඇත්ත පැවසිය යුතු නොවන්නේද?

ඒ වගේම අගනගරයේ ආරක්ෂාව භාරව කටයුතු කරන කීර්තිමත් පොලිස් නිලධාරියෙකු ලෙස ප්‍රචලිත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ සඳහා මැදිහත් වුවේ කුමන පදනමින්ද? විමලතිස්ස හිමියන් සඳහන් කරන කරුණු සත්‍යයනම් නීතියේ බල පරාක්‍රමයට මුවාවී මෙලෙස කටයුතු කළ හැකිද?

මෙවැනි කරුණු ජාත්‍යන්තරය හමුවට ගියහොත් රටක් වශයෙන් ශ්‍රී ලංකාවට සිදුවන්නේ කුමක්ද? GSP + හිමිවීම තබා මිනි කන්නන්ගේ දේශයක් ලෙස ඔවුන් අපව හඳුන්වා නොසිටිවීද? මානව හිමිකම්… රාජ්‍ය බලයෙන් මන්ත්‍රී ධූර පැහැර ගැනීම් පිළිබඳව ලෝකයා අපට චෝදනා නොකර සිටිවිද?

එමෙන්ම මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සමග බහුතර බෞද්ධයා හමුවේ ප්‍රශ්න ගණනාවක් පැන නගිනු ඇත. එයින් ප්‍රධාන වන්නේ, ඥානසාර හිමි පාර්ලිමේන්තුවට පත්වීම උන්වහන්සේම පැතූ සිංහල බෞද්ධ කොන්ද කෙලින් තිබෙන නායකයා ම මැදිහත් වී නවත්තුවාද? යන්නයි.

වේදෙනිගම විමලතිස්ස හිමියන් සිදුකොට ඇති සම්පුර්ණ ප්‍රකාශය…

උපුටා ගැනීම,

“දේශබන්දු තෙන්නකෝන් මාව පැහැරගෙන ගිහිල්ලා මට දුන්නා පිටු 4ක විතර වරෙන්තුවක්. ඒ වරෙන්තුවේ නමක් නෑ. තියෙනවා මේ ඔබ වහන්සේට පුළුවන් මේ වරෙන්තුවෙන් මට අත්අඩංගුවට අරගෙන සදාකාලික හිරේ තියන්න. කැමතිද ඒකට…? එහෙම නැත්නම්, මේ මන්ත්‍රී කමට මේ කොළ ටිකට අත්සන් කරලා අතුරලියේ රතන හිමියන්ට දෙනවද? දැන් මම කිවුවා තමුන් නාන්සේලා වගේ සක්කිලි නෙවෙයි මම… මරලා දැම්මත් හිරේ ගියත් මේක දෙන්නේ නෑ කියලා… මුන් මාව දවස් ගණන් කන්න බොන්න නොදී තියාගෙන ඉඳලා මේකට බලහත්කාරයෙන් අත්සන් කරවලා මරන්න අරගෙන ගිහිල්ලා මොවුන් මන්ත්‍රී කම පැහැර ගත්තා. රාජ්‍ය නිලධාරියෙක් ලෙස මේක සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනි දේශබන්දු තෙන්නකෝන්.”

“ජනාධිපති මන්දිරයට ගියේ මේ ප්‍රශ්නය විසඳගන්න. ඒකට ඥානසාර හිමියනුත් අතුරලියේ රතන හිමියනුත් එනවා කියලා තමයි මේ අගෝස්තු 16 වෙනිදා අපිට පණිවුඩය ලැබුනේ. මම එතනට ගිහිල්ලා එතැන ඉන්න ජනාධිපති මන්දිරය අසලින් ඇසුවා, මෙතැනට අද දැන් රතන හාමුදුරුවෝත් ඥානසාර හාමුදුරුවොත් එනවා කියලා… මම අපේ ජන බල පක්ෂයේ ලේකම්, වේදෙනිගම හාමුදුරුවෝ… අපට මේක ඇතුලේ මොකක් හරි හමුවක් තියෙනවද කියලා. ඊට පස්සේ කතා කරලා බලලා කියන්නම් කියලා පොඩ්ඩක් රැඳී ඉන්න කියලා ටික වෙලාවකින් පණිවුඩයක් ආවා… ඔව් අද හමුවීමක් තියෙනවා ඇතුලට වඩින්න කියලා. ඉතිං මම ඇතුලට ගියහම රතන හිමියන් ආවා. ඇවිල්ලා මම සමග ජනාධිපති වරයාත් එක්ක කරන්න තිබ්බ සාකච්ඡාව පැත්තකින් තියලා, රතන හිමියන් වෙනම සාකච්ඡාවක් කළා. දැන් මේ ජනාධිපති මන්දිරය ඇතුලේ. මං කල්පනා කළා මේ හොර රහසේ කරන සාකච්ඡාවලට මම එකතුවෙන්න ඕනි නෑ කියලා මම ගිහිල්ලා පැත්තකට තියෙන තැනක වාඩි වෙලා මම තේරුම් ගත්තා දැන් අපිට යම්කිසි වැරදීමක් වෙලා ධර්මයේ ආශීර්වාදයෙන් තමයි මොනවා හරි කරන දෙයක් කරන්න තියෙන්නේ මේක දැන් මේ සිර කඳවුරකට ඇවිල්ලා ඉවරයි කියලා.”

“මට එළියේ අයගෙන් දුරකථන ඇමතුමක් ආවා, වාහනය මිරිහාන පොලීසියෙන් ඇවිල්ලා මේක අත්අඩංගුවට ගත්තයි කියලා. ඇතුලෙන් එලියට එන්න කලින් ඒ මන්දිරය ඇතුළෙන්ම දේශබන්දු තෙන්නකෝන් ගේ කණ්ඩායම ඇවිල්ලා මාව පැහැර ගත්තා. අරගෙන ගිහිල්ලා මාව සිරකරගෙන ඉඳලා ලියකියවිලි වලට අත්සන් කර ගත්තා. ඉතින් ඉන් පස්සේ අපේ නායක හාමුදුරුවෝ වජිර ශ්‍රී නායක හාමුදුරුවෝ උන්වහන්සේට ඔනිකම තිබුනා මගේ ජීවිතේ බේරා ගන්න. උන්වහන්සේ කිවුවා මොනවා හරි කියලා හරි මේ ජීවිතේ බේරනවා උන්වහන්සේ කලබල නැතුව කට පියාගෙන ඉන්නවා කියලා.”

උපුටා ගැනීම අවසන්.

අදාළ වීඩියෝව

මෙම පැහැරගෙන යාම සම්බන්ධ සබැඳි පුවත්

Related posts

ගුවන් තොටුපොළේ අක්‍රමිකතා කළොත් දඩය ලක්ෂයයි – ඇමති නිමල් සිරිපාල

Admin

තේ කර්මාන්ත ශාලාවක් අළු වෙයි

Admin

ලබන වසර මැදදී මෙගා වොට් 270ක හිඟයක්

colombotoday

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

colombotoday

කොරෝනා පාලනයෙන් ගිලිහිලා, ලොවපුරා මිලියන ගණනක් මිය යා හැකියි – UN අනතුරුඅගවයි

colombotoday

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday