Colombo Today Local News

ලංකාවේ අධිකරණය විශ්වාස නෑ.. යුධ අපරාධ පරීක්ෂණයට ජාත්‍යන්තර විනිසුරන් ඕනමයි – ඇමරිකා යාලුවා

ටොම් මැලිනොව්ස්කිමෙරට යුද සමයේ සිදුවුණු බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් දේශීයව සිදුකරන පරීක්ෂණ සඳහා විශ්වාසය ගොඩනඟා ගැනීමට විදෙස් උපදෙස් අත්‍යාවශ්‍ය බව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොව්ස්කි මහතා ප්‍රකාශ කරයි.

රොයිටර් පුවත් සේවය සමග පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු කියාසිටින්නේ ඇමරිකාව ප්‍රමුඛ රටවල් මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාව පිළිබඳ සම්මත කරගත් යෝජනාව මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා මෙම පියවර ගැනීම වැදගත් වන බවයි.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය අඩුවී ඇති බව සඳහන් කර ඇති සහකාර රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කොට ඇත්තේ දේශීය පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර සහභාගීත්වයෙන් විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවයි.

Related posts

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට බෙදා හැරීම අද සිට.

colombotoday

සහරාන්ගෙ වනාතවිල්ලුව වත්තේ කොස්තාපල්වරුන් නිධන්හාරලා

Admin

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වෙයි

colombotoday

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

Admin

ලක්ෂ 3කට විදුලිය නෑ

colombotoday

ජාත්‍යන්තර නිරීක්ෂකයන් නැතිව දේශීය පරීක්ෂණ එපා – කොටි නායක රුද්‍රකුමාර්

colombotoday