Colombo Today Local News

පුහුණුවීමක් අතරවාරයේ පැරෂුටය පැටලී ගුවන් හමුදා නිලධාරියෙක් ජිවිතක්ෂයට

අම්පාර ප්‍රදේශයේ දී ගුවන් හමුදා පැරෂුට් පුහුණුවීමක් අතරවාරයේදී සිදුවූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් දුෂාන් විජේසිංහ පැවසුවේ පුහුණුවීම් අතර වාරයේදී ඇතිවූ අනපේක්ෂිත සුළං මාරුවීමක් හේතුවෙන් උඩු ගුවනේදී පැරෂුට් දෙකක් එකට පැටලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

” අද උදෑසන පුහුණුවීම් අතර වාරයේදී මේ අය උඩ ඉදන් එන විට එක්වරම සුළගේ දිශාව වෙනස් වෙලා තිබෙනවා. ඒ හේතුවෙන් ගුවන් හමුදා නිලධාරියාගේ පැරෂුටය සමග පුහුණුවීමට එක්ව සිටි සාජන්වරයෙකු ගේ පැරෂුටය පැටලීමෙන් ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරට ලක්වූ දෙදෙනාම රෝහල් ගත කෙරුනත් පසුව සිද්ධියෙන් ගුවන් හමුදා බලගණ නායක නිලය දරන නිලධාරියෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා” යැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කර සිටියා.

Related posts

තල් අරක්කු වලට කැනඩාවෙන් ඉහළ ඉල්ලුමක්

Admin

අනාථ කඳවුරක සිටි බදියුදීන් පොහොසතෙක් වුණේ කෙසේ ද? පාස්කු කොමිසම ප්‍රශ්න කරයි

colombotoday

පොල්ලකින් පහර දී බිරිද මරා ඇඳයට සඟවලා

colombotoday

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16කට “සායනික මහාචාර්ය” පදවි

colombotoday

අලුත උපන් බිලිදා පණ පිටින් වල දැමු මව අත්අඩංගුවේ

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයෙන් මැරෙන තුරු පළිගන්නවා“ TOP 10 අංක 3 කණ්ඩායම සටන අරඹයි

colombotoday