හමුදා කුමන්ත්‍රණයක් මගින් තුර්කියේ පාලනය යටපත් කරලීමේ උත්සාහය ව්‍යර්ථ කිරීමට හැකිවීම ප්රජාතන්ත්රවාදය අගයන ලෝක ජනතාවගේ සතුටට හේතුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
තුර්කියේ ප්රජාතන්ත්රවාදි පාලනය ආරක්ෂා කරලීමට තුර්කි ජනාධිපති සහ අගමැති ප්රමුඛ රජයට හැකිවීම පිළිබඳව තමාගේ සතුට පිරිනමන බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ විශේෂ නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටින්නේ.
මෙම තීරණාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකාවේත් ශ්‍රී ලාංකික ජනතාවගේත් සහය ඔවුන් වෙත ලැබෙන බව අවධාරණය කරන බවද අග්‍රාමාත්‍යවරයා අදාළ නිවේදනයේ සඳහන්කර ඇත.