Colombo Today Local News

ලක්ෂ 20ක හෙරොයින් සමග සැකකරුවෙකු කාකදූපතදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 20ක් වටිනා හෙරොයින් සමග සැකකරුවෙකු මට්ටක්කුලිය, කාකදූපතදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 201යි මිලිග්‍රැම් 13කි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද(03)දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ අතර හෙරොයින් ජාවාරමේ යෙදුණු තවත් සැකකරුවන් තිදෙනෙකු පිළියන්දල, බෝකුන්දර, වත්තල සහ බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රැම් 11 කට අධිකය.

මේ අතර ගංජා කිලෝග්‍රෑම් 01ක් සමග සැකකරුවෙකු පොතුවිල්, තරුලෙන්ගල ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්යය බලකාය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

Related posts

‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Admin

ජනපති කොමිසමේ හිටපු ලේකම් ඥානසාර හිමිගෙන් සමාව අයදියි !

colombotoday

එස්.බී. වැටුණු අසූචි වළට අපිවත් අදින්න හදනවා – විමල්

colombotoday

මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය ගැන විශේෂ විගණනයක්

colombotoday

සිලෝන් ටි නමින් අපනයනයට සූදානම් කර තිබූ කසළ තේ කිලෝ 8000ක් අල්ලයි

colombotoday

බැදුම්කර කොමිසමෙන් අගමැතිට ප්‍රශ්න පත්‍රයක් !

colombotoday