Colombo Today Local News

අපරාධ කල්ලි සාමාජික බැරල් සංඛ අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන හේරත් මුදියන්සේලාගේ ප්‍රභාත් මදුසංඛ නොහොත් “බැරල් සංඛ“ නැමැත්තා පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා ඊයේ (19)දින පෑලියගොඩ ගැමුණු මාවතේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හොරෝයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 130ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි පෑලියගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අවිපෙන්වා බියගැනීම්, මත්ද්‍රව්‍ය අලෙවිය, කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ එම සැකකරු අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20)දින ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

එට්කා ගිවිසුම ඉදිරියට ගෙන යාම ගැන රනිල්ගෙන් අනුරට පැසසුම්

Admin

කොරෝනා මරණ 213 දක්වා ඉහළට… 10000කට ආසාධිතයි !

colombotoday

ඉන්දු සයුරේ “ස්වර්ණ නැව්තොට” චීනයට භාරයි.. ගිවිසුම අත්සන් තැබේ !

colombotoday

අඹුසැමි යුවළක් සහ දරුවාකු ඝාතනය කල ටයිකොන්ඩෝ පුහුණුකරුවා

Admin

හෙටත් භාණ්ඩාගර බිල්පත් විකුණයි

Admin

විග්නේෂ්වරන් උතුරේ ස්වයංපාලනය ඉල්ලද්දී, ලෝකය දිනා ජනපති මෛත්‍රී කටුනායකින් බහී !

colombotoday