Colombo Today Local News

20 ට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ දෙවන දිනය (30) අදයි.

අදාළ කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ඊයේ (29) පෙරවරුවේ ආරම්භ විය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලුණි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39ක් ගොනුකර තිබේ.

Related posts

2022 උසස් පෙළ ප්‍රතිඵල අද

Admin

ශ්‍රී ලංකන්, සෞදි චීන ගමන් නවතයි !

colombotoday

ස්විස් කෝලම පත්තුවෙයි. තානාපති කාර්යාලයේ සේවිකාව අත්අඩංගුවට

colombotoday

අගමැති, අගවිනිසුරු හමුවෙලා ! – ජනපති නොසන්සුන් !!

colombotoday

රේගුව අකුරට වැඩ

Admin

පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් ඉදිරිපත් වෙයි

Admin