Colombo Today Local News

20ට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නැයි සමගි ජනබලවේගයේ මහලේකම්ට ලිපියක්

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් පක්ෂයේ මහලේකම්වරයා වෙත ඉදිරිපත්කර තිබේ.

මන්ත්‍රීවරුන් 28 දෙනෙකුගේ අත්සන්වලින් යුතුව අදාළ ලිපිය පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත යොමුකර තිබේ.

20වන සංශෝධනයට විරුද්ධව කටයුතු කිරීමටගත් තීරණයට එරෙහිව කටයුතු කළ සියලු පාර්ශ්වයන්ට සිය විරෝධය පළකරන බව ඔවුන් එම ලිපියමගින් පෙන්වා දී ඇත.

එමෙන්ම සමගි ජනබලවේගයේ හවුල්කාර පක්ෂ දෙකක සාමාජිකයින් වන රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන්ගත් තීන්දුවට ස්තූතිවන්ත වනඅතර ඊට සිය ගෞරවය පුදකරන බව ද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබේ.

එහෙත් සාමූහික තීන්දුවට එරෙහිව යමින් කටයුතුකළ එම පක්ෂ දෙකෙහි මන්ත්‍රීවරුන්ට එරෙහිව එම පක්ෂ ද නිසි ක්‍රියාමාර්ග ගතයුතු බව සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Related posts

“මහා පරිමාණයෙන් කොමිස් ගසමින් කළ සංවර්ධනයේ ප්‍රතිඵල දැන් ජනතාවගේ හිස මත”

colombotoday

ජනපතිගේ රුව සහිත ‘පඹයෙක්‘ මහමග දමා ගිනි තබයි.. ගාල්ල යුද පිටියක් වෙයි (Photo)

colombotoday

ජනතාව කඳුළු සාගරයක ගිල්වා පටි තද කරගන්නැයි කියමින් ඇමතිවරු ප්‍රීති සාගරේ

colombotoday

ඇමතිකම නමට විතරයි – රනිල් සහ රවී සමග කබීර් හෂීම් ගැටෙයි

colombotoday

වාසුදේව මාලිමාවට

Admin

බුදු දහමට අහිතකර වගන්ති රැසක් අළුත් ව්‍යවස්ථාවේ.. ඒකීයභාවය නමට පමණයි !

colombotoday