Colombo Today Local News

20ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ -නීතිපති දැනුම් දෙයි

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් දැනුම් දී තිබේ.

නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත එම දැනුම් දීම සිදුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් 20 වන සංශෝධනය සම්මත කිරීමේ හැකියාව පවතින බව නීතිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.

20 වන ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත ඊයේ (01)දින අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නීරීක්ෂණ කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබුණි. 

Related posts

ජාතික ආරක්ෂාව බිදවැටී ඇති බව අන්තවාදීන් පිරිසක් කියනව – ජනපති

colombotoday

හිටපු ජනපති MKDSගේ අවමගුලේදී මාධ්‍යවේදීන්ට පාඩමක් කියා දෙයි!

colombotoday

මේ බෞද්ධ රටේ ප්‍රාදේශීය සභාවකටවත් නාගානන්ද කොඩිතුවක්කු සුදුසු නැත.

colombotoday

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

Admin

මහනුවර නාගරික බස් රථ සේවාව අද සිට

colombotoday

ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම කුරුණෑගලින්

colombotoday