Colombo Today Local News

ගම් වදින අලි එලවන්න ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගනී

ගම් වදින වන අලි පළවා හැරීම සඳහා ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගැනීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එහි නියමු ව්‍යාපෘතිය මේ දිනවල මාතලේ, නාවුල, රත්ගම්මන ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මකය.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ එම්.එස්.ආර්.සී. මාරසිංහ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ පර්යේෂණ ඒකකය හා නාවික හමුදාව එක්ව එය ක්‍රියාත්මක කරන බවයි.

මෙහි සාර්ථකත්වය මත දිවයිනේ සෙසු ප්‍රදේශවල වන අලි පළවා හැරීමේ මෙහෙයුම්වලට ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර රත්ගම්මන ප්‍රදේශයේ සිටින වන අලි ඩ්‍රෝන යොදා ගනිමින් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 කින් පමණ මොරගහකන්ද රක්ෂිතය වෙතට පළවා හැර ඇති බව එහි සිටින වනජීවි නිලධාරීන් පැවසූහ.

Related posts

මිලියන 25ක කුඩු සමග අබ්දුල් රහුමාන් අත්අඩංගුවට

colombotoday

ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන්නැයි අගමැති උපදෙස් දෙයි…

colombotoday

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Admin

තේ කර්මාන්ත ශාලාවක් අළු වෙයි

Admin

නව යුද හමුදාපතිවරයා ධුරයේ රාජකාරී අරඹයි

colombotoday

අතුරුදන් වූණා කී බණ්ඩාරගම ව්‍යාපාරිකයාගේ බොරුව හෙළිවෙයි.. ණය කාරයන්ට පොලු තියා හැංගිලා !

colombotoday