World

ඇමෙරිකානු සංචාරකයන් පිලිපීනයට ඇතුළුවීම තහනම්

කොවිඩ්-19 වෛරසයේ ඉහළ බෝවීමේ හැකියාවක් ඇති වෛරස ප්‍රභේදය එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තය තුළ අනාවරණය වීමත් සමග හෙට (03)දිනයේ සිට බලපැවැත්වෙන පරිදි පිලිපීනය එක්සත් ජනපදයෙන් විදේශීය සංචාරකයින් ඇතුළුවීම තහනම් කරන බව ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ පවසනවා.

ඒ අනුව ජනවාරි 15දා දක්වා ක්‍රියාත්මක වන මෙම සංචාරක තහනම යටතේ පිලිපීනයට පැමිණීමට පෙර දින 14ක් ඇතුළත කොවිඩ්-19 පරීක්ෂාවකට ලක්ව පැමිණෙන අයද ඇතුළත් බව සඳහන්.

කෙසේ වෙතත් පිලිපීන පුරවැසියන් තහනමට යටත් නොවන නමුත් ඔවුන් සෘණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵලයක් ලබා ගත්තද, පහසුකම් මත පදනම් වූ දින 14ක නිරෝධායන කාලයකට යටත්විය යුතු බව අවධාරණය කෙරෙයි.

Related posts

ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත ප්‍රහාරයක්… ඉන්දීය හමුදාවේ 40ක් මරුදකී…

colombotoday

රුසියානු න්‍යෂ්ඨික නෞකා බලඇණියක් බ්‍රිතාන්‍යයට කිට්ටු කරයි.. ඉංග්‍රීසි ඕඩය ගිනියම්!

colombotoday

පෘථිවියට සමාන වූ තවත් ග්‍රහලෝකයක් හමුවෙයි

Admin

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර පාලනය මුස්ලිම් හස්ථයක් යටතට !

colombotoday

මානව හිමිකම් නිරීක්ෂකයන් පිලිපීනයට එව්වොත් මම ඔවුන්ගේ ඔලු පළනව – පිලිපීන ජනපති අනතුරු අගවයි

colombotoday

මියන්මාර් පොලීසිය තම පියා වෙත දිව යමින් සිටි 7 හැවිරිදි දැරියක වෙඩි තබා ඝාතනය කරයි

colombotoday