Covid 19World

සති හතකට පසු ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළට

සති හතකට පසු ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම තත්ත්වය විස්මයට කරුණක් නොවන බව පැවසූ එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රේසස්, සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ලොව රටවලින් ඉල්ලා සිටී.

මේ වන විට සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 114,991,089 ක් වන අතර සිදුව ඇති මරණ ගණන 2,550,192 කි.

මේ අතර, ඔක්ස්ෆර්ඩ් හා ෆයිසර් එන්නත්වල පළමු මාත්‍රාව ලබාදීමෙන් පසු රෝහල් ගතකෙරෙන වයස්ගත කොවිඩ් රෝගීන් පිරිස 80කින් පමණ පහළ බැස ඇති බව එංගලන්තයේ සිදුකළ විශ්ලේෂණයකින් හෙළි වී තිබේ.

එරට එන්නත්කරණ වැඩසටහන ඔස්සේ එන්නත ලබාගත් වයස අවුරුදු 80 ඉක්මවූ පුද්ගලයන් ඇසුරින් මේ අධ්‍යයනය සිදුකර තිබුණි.

කෙසේවෙතත් වෛරසයෙන් හොඳින් ආරක්ෂා වීම සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබා ගතයුතු බව විද්‍යාඥයන් පෙන්වාදෙයි.

එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීම තුළින් ජනතාවට වෛරසයට එරෙහිව වඩා හොඳ ආරක්ෂාවක් ලැබෙන බව අමෙරිකාවේ CDC ආයතනයද තහවුරු කර තිබේ.

Related posts

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර

colombotoday

බිලි පූජාවකට ගැහැණු දෙදෙනෙක් වධ දී මරා දාලා…

colombotoday

(Video) හිරකරුවන් කොකුවල එල්ලා හරකුන් ලෙස මරා දමලා.. IS ත්‍රස්තයෝ හජ් සැමරූ හැටි !

colombotoday

සර්වපාක්ෂික සමුළුවේදී මුස්ලිම් මරණ ආදාහන ගැටලුව ඇවිලෙයි – සම්පුර්ණ වීඩියෝව

colombotoday

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday

අඟහරු ග්‍රහයා මත ජනාවාස බිහි කරන්න යන කෝටිපතියා

colombotoday