දියත උයන ආසන්නයේදී මාර්ගයේ ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් එහි රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව මවක හා කුඩා දියණියකද යටකරමින් “දියවන්නා ඔය” ට පෙරළී තිබේ.
ඊයේ (28)දින රාත්රීයේ එම අනතුර සිදුව ඇත. මෝටර් රථය පැදවූ 21ක් හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගත්බව පොලීසිය සඳහන් කරයි.
අනතුර නිසා 35 හැවිරිදි මව බරපතළ තුවාල ලබා ඇති අතර ඇයගේ 10 හැවිරිදි දියණිය සුළු තුවාල ලබා ඇති අතර මේවන විට කලුබෝවිල රෝහලේ ප්රතිකාර ලබයි.
වැලිකඩ පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.