Colombo Today Local NewsUncategorized

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තහනම්… විසි එක අද සිට බලාත්මකයි

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම ඇතුළු විධිවිධාන රැසක් ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (31)දින සිට බලාත්මක විය.

එම පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (31) පෙරවරුවේ සටහන් කිරීමෙන් පසු පනත බලාත්මක වූයේ ඒ අනුවය.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයකින් පසුගියදා (21) වැනිදා සම්මත විය.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් අගෝස්තු මස 10 වැනිදා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදය පසුගිය මස 20 සහ 21 යන දිනවල පැවැත්විණ.

දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන එකතු කිරීමෙන් අනතුරුව පැවැති තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174 ක්ද විපක්ෂව ඡන්දයක්ද හිමිවිය.

පනත් කෙටුම්පත විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සම්මත වුවත් තාක්ෂණික කාරණයක් හේතුවෙන් එය බලාත්මක වන්නේ විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසය.

පනත් කෙටුම්පතට සහතිකය තබන අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානී රෝහණධීර මහත්මියද සහභාගීවූහ.

Related posts

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3 ක කොරෝනා මරණ ඉහළ යාම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෙළිදරව්වක්

colombotoday

කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලය වසාදමයි

colombotoday

TNL ලොක්කාගේ දියණිය ඉෂිනි වික්‍රමසිංහ මංගලගේ පෞද්ගලික ලේකම් දූරයට

colombotoday

හිරුනිකා ගැන කියවෙන බුකියේ කෝලං

colombotoday

රාජ්‍ය ඇමතිනී ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

Admin

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

colombotoday