ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසදය අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග හමුවක් නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේදී සිදුවී තිබෙනවා.
මෙම සාකච්ඡාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද එක්ව සිටිඅතර පැමිණ සිටි හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනම දේශපාලන මතවාදයක් සමග නව පක්ෂයක් ආරම්භ කරන ලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.