Colombo Today Local News

23 වැනිදා VAT පනත සම්මත කරනවා.. ජූලි අන්තිමට ආයෙත් බදු වැඩිකරනවා – අගමැති

ranilවැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ද සම්බන්ධව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව රජයේ ආදායමට හානියක් සිදු නොවන බව ආග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බදු සංශෝධන සදහා කෙටුම්පත ජූලි 8 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, එහි දෙවැනිවර කියවීම ජූලි 23 වැනි දින සිදුකිරීමට අපේක්ෂා කරන බවත් මේ මාසය අවසානයට පෙර එහි ව්‍යවස්ථාමය කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.

එම පනත වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට රජයට හැකි බැවින් පසුගිය මැයි 2 වැනි දා සිට සංශෝධනය කරන ලද වැට් බද්ද යළි ක්‍රියාත්මක වන බවත් අගමැතිවරයාගේ නිවේදනයෙන් වැඩිදුරටත් සදහන් වෙයි.

Related posts

නීතිය හා සාමය ඇමති ලෙස අගමැති රනිල් දිවුරුම් දෙයි

colombotoday

තෙල් පෝලිමක සිටි අයෙක් මරුට

colombotoday

පොසොන් පොහොයට බන්ධනාගාරගත රැදවියන් සිල්සමාදන් වෙයි

colombotoday

වන සතුන් නිසා ගම අරාජික වෙලා.. රිලවුන්, වදුරන්, මොණරුන්, ඌරන් මරා මස්කෑවොත් පාලනයක් වෙනවා.. ආගම්වාදීන්ට මේව තේරෙන්නෑ -JHU

colombotoday

රවීට වළ කපන ළගම මිතුරා කවුද?… අගමැති රනිල්ද?… මලික් සමරවික්‍රමද?

colombotoday

පාස්පෝර්ට් ගන්න යලි දිගු පෝලිම් ,ආචාර්යවරයෙක් දුක කියයි

Admin