Colombo Today Local News

“වැරදි කතා එපා.. ෂැඩෝ කැබිනට්ටුව හැදුවේ මාස හයක් මහන්සි වෙලයි” – ෂැඩෝ ඇමති ඩලස්

dullas

ඒකාබද්ධ විපක්ෂය ඡායා කැබිනට්ටුව හැදීම සදහා මාස හයක් පමණ සාකච්ඡා පැවැත්වූ බවත්, ඒ ඒ අය කැමති ක්ෂේත්‍රයන් පිළිබද මන්ත්‍රීවරුන් කැදවා සාකච්ඡා කොට ඡායා කැබිනට්ටුවේ ඇමතිවරුන් ලෙස අධීක්ෂණ මන්ත්‍රීධුර ලබාදුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඡායා කැබිනට්ටුව හැදුවේ ශ්‍රීලනිපය කඩන්නට නොව ආණ්ඩුව කඩන්නට බවත්,එබැවින් තම පිරිස ආයාසයෙන් නිර්මාණය කළ ඡායා කැබිනට්ටුවට වැරදි නිර්වචන ලබා නොදෙන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ ඊයේ (08)පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 4 පැවති මාධ්‍ය හමුවකදීය.

වර්තමාන‍ ඇමති මණ්ඩලයේ උදවියගේ ක්‍රියා කලාපය මෙම ඡායා කැබිනට්ටුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් විසින් අධීක්ෂණය කරනු ඇති බවත්,මෙවන් අධීක්ෂණ කටයුතු වෙනුවෙන් ඡායා කැබිනට් පත්කරනු ලැබු පළමු අවස්ථාව මෙය නොවන බවත් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මීට ප්‍රථම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේදීද,රනිල් වික්‍රමසිංහ මහතාගේ මීට පෙර කාලයේදීද මේ ආකාරයේ කැබිනට් මණ්ඩලයක් පත්කර ගත් බව හෙතෙම මෙහිදී සිහිපත් කළේය.

ලොහාන් රත්වත්තේ මහතා මේවන විට මෙම ඡායා කැබිනට්ටුවෙන් ඉල්ලා අස්වී ඇති බව නිවේදනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදුව ඊට ප්‍රතිචාර දක්වමින් අලහප්පෙරුම මහතා කියා සිටියේ මෙම පත්කිරීම් සිදුකරන අවස්ථාවේදී ලොහාන් රත්වත්තේ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ නොසිටි බවයි.

මේ ආකාරයට ඡායා කැබිනට් මණ්ඩල පත්කිරීම ලෝකයේ බොහෝ රටවල සිදුවන බැවින් මෙන්ම ඒවායේ සාමාජිකයින් ඇතැම් විට ඉල්ලා අස්වීම්ද සිදුවන බවත්,එබැවින් රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීමද එතරම් තැකිය යුතු දෙයක් නොවන බවත් අලහප්පෙරුම මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

දිනමිණ ප්‍රධාන කර්තෘ ඉවත් කරයි

Admin

විශ්වවිද්‍යාල වල නව පාඨමාලා 10කට ආචාර්යවරුන්ගේ බරපතළ හිඟයක්

colombotoday

අද දුම්රිය අවලංගු වීමේ අවදානමක්

Admin

යාපනය කච්චතිව් වාර්ෂික මංගල්‍යට එන්න බැතිමතුන්ට අවසර නැහැ

colombotoday

හිටපු නීතිපතිට අදත් TIDයෙන් කැඳවීමක්

Admin

මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ හෙලිකොප්ටරයකින් ඇමති කිරිඇල්ල ත්‍රිකුණාමලේ සවාරි ගිහින්

colombotoday